ARAB classic බේස්බෝල් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම ඩුබායි යයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

නොවැම්බර් 06, (LNW) කොළඹ: යුරෝපා සහ ඇමරිකානු මහද්වීපවල ඇති වෘත්තීමය බේස්බෝල් ලීගයක් අනාගතයේදී ආසියානු හා මැද පෙරදි කලාපය තුළ ඇති කිරීම මූලික අරමුණ කර ගනිමින් කටයුතු කරන Baseball United විසින් සංවිධානය කරන්නට යෙදෙන ARAB classic බේස් බෝල් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් කණ්ඩායම ඩුබායි බලා පිටත්ව ගියා.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, බංගලදේශය, ඇෆ්ගනිස්ථානය, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් 8 ක් සහභාගිවන මෙම තරගාවලිය නොවැම්බර් මස 07 සිට 10 දා දක්වා පැවත්වෙන්නේ මෙම තරගාවලිය සඳහාම ඉදි කෙරුණු සියලු පහසුකම් වලින් සමන්විත තාවකාලික බේස්බෝල් ක්‍රීඩාංගනයකයි.

පළමු වටයේදී සවුදි අරාබියාව, පලස්තීනය සහ නේපාලය සමඟ තරග වැදීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන්ට දක්වන දක්ෂතා අනුව ලෝකයේ පැවැත්වෙන අනෙකුත් බේස්බෝල් ලීග් තරගාවලිය සඳහා ද අවස්ථාව උදාවනු ඇතැයි පවතින විශ්වාසය මෙහිදී විශේෂ කොට සැළකිය හැකියි. සමීර රත්නායක නායකත්වය සහ උපනායකත්වය ක්‍රිෂ්ණ හපුආරච්චි විසින් දරනු ලබන කණ්ඩායමට ක්‍රිඩකයින් 14 දෙනෙකු ඇතුළත් වෙනවා. ඉරේෂ් කෝසල,අමිල පුෂ්පකුමාර,ශෂික දුල්ෂාන්,අසංක ලක්මාල්,සුගත් ද සිල්වා,ගයාත්‍ර අමසර,සංදීශ චනෝද්,රොෂාන් ලක්මාල්,හේමන්ත පුෂ්පසිරි,නිරෝෂන් ශ්‍රියාරත්න,සමීර සඳරුවන් සහ කමල් කිත්සිරි කණ්ඩායමට ඇතුළත් සෙසු ක්‍රීඩකයින් වෙනවා.

කණ්ඩායම් කළමනාකරු ලෙස තීක්‍ෂණ ගම්මන්පිල සහ කණ්ඩායම් ප්‍රධානී ලෙස මාක් ෆොන්සේකා කටයුතු කරන ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් කණ්ඩායම සමඟ ප්‍රධාන පුහුණුකරු ලෙස ජපන් ජාතික Kazuto Nonaka එක්ව සිටිනවා. සහාය පුහුණුකරු ලෙස දමිත් මල්ලවආරච්චි කටයුතු කරන අතර,බේස්බෝල් තේරීම් කමිටු සභාපති සුභාශ් ගුණසිංහ මහතා ද කණ්ඩායම තරගාවලියට කණ්ඩායම සමඟ එක්ව සිටිනවා.
මෙම තරගාවලියට ශ්‍රී ලංකා විනිසුරුවන් තිදෙනෙක් සහභාගී වීමද විශේෂිතයි. ඒ තරංග සම්පත්, දිලිප් ගමගේ සහ ඉෂාර චතුරංගයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...