නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ඉතා කඩිනම් කිරීමට ඇමතිගෙන් උපදෙස්!

Date:

කොළඹ LNW: කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිරිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

පවතින තත්ත්වය අනුව එහි ඉදිකිරීම් 2026 නොවැම්බර් 15 දක්වා දීර්ඝ වී තිබෙන බවට නිරීක්ෂණය වී තිබෙන හෙයින් අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ 2025 ජුනි 30 වැනිදා වන විට ඉදිකිරීම් අවසන් කරන ලෙසයි.

එම ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම සඳහා විශේෂ බදු සහනයක් ද ලබා දී තිබේ.

මෙම පර්යන්තයේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය උපකරණ ගෙන්වීමට වැයවන ඩොලර් මිලියන 750ක මුදලින් 20%කට ආසන්න බදු කපා හැරීමක් වෙනුවෙන් කැබිනට් අනුමැතිය හිමි වී තිබුණි.

එම සහනය නොවන්නට මෙම ව්‍යාපෘතිය හමුවේ වරාය අධිකාරිය දැඩි මූල්‍ය අර්බුදයකට ලක්වීමට නියමිතව තිබූ බවයි එහි කළමණාකාරීත්වය පවසන්නේ.

ඒ අනුව එම සහනය සමඟින් එහි ඉදිකිරීම් කඩිනම් කර ලබන වසරේ වරාය මෙහෙයුම්වලට එක්කිරීමෙන් පසු කොළඹ වරාය ඉතා කාර්යක්ෂම වන අතර එය රාජ්‍ය අදායමට විශාල මෙහෙයක් සිදුකරනු ඇති බව අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම පර්යන්තය සහ ජැටිය අතර බහාලුම් මෙහෙයවීම සඳහා Straddle Carriers 30ක් ගෙන්වීමටද ප්‍රසම්පාදන කටයුතු ඉතා කඩිනමින් අවසන් කිරීමටද අමාත්‍යවරයා උපදෙස් දී තිබෙන බවයි අමාත්‍යාංශය තවදුරටත් දැනුම් දෙන්නේ.

ගෙන්වීමට යෝජිතව තිබුණු ඩීසල්වලින් ක්‍රියාත්මක වන Straddle Carriersවෙනුවට නවීන තාක්ෂණය සහිත පරිසර හිතකාමී හයිබ්‍රිඩ් වර්ගයේ Straddle Carriers ලබා ගැනීම සඳහා සුදුසු තාක්ෂණික ඇගයීම් කමිටුවක් මඟින් නිර්දේශ ලබාගෙන ක්‍රියාත්මක කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයිස් හදපු තවත් ස්ථානයක් හම්බන්තොටින් හමුවෙයි!

කොළඹ LNW: අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළැයි සැකකෙරෙන තවත් නිවසක්...

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! – සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! - සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි

ඉන්දියාවේ වරාව් ග්ලෝබල් පදනම (Waraw Global Foundation) ශ්‍රී ලංකාවේ සේවයට පැමිණෙයි!

කොළඹ LNW:දුප්පතු සහ ආන්තිකකරණයට ලක්වූවන්ට අධිකරණමය යුක්තිය ලබා ගැනීමේ...