සිරි පැරකුම් කෙල්ලන් රටටම ගහපු ගැහිල්ල ඉහළටත් දැනෙයිද?

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 06,(LNW) කොළඹ :

කොළඹ රාජකීය විද්‍යාලීය මාස් ඇරීනා හී පැවති ජාතික පාසල් ක්‍රීඩා උළෙලට අනුබද්ධ සමස්ත ලංකා පාසල් බොක්සිං තරගාවලියේ කාන්තා සූරතාවය දිනා ගැනීමට ඉතා අවම සිසු සංඛ්‍යාවක් ඇති, දෙමළ සිංහල මිශ්‍ර සංස්කෘතික පසුබිමක පවතින සිරි පැරකුම් විද්‍යාලය කාන්තා බොක්සිං කිරුළ හිමි කර ගැනීම අවධානය යොමු කළ යුතු වැඩක් වෙනවා.විශේෂයෙන් බොක්සිං පමණක් නොව මේ විද්‍යාලයට ඇති ගුරු හිඟය වැනි කාරණා කෙරෙහිත් අවධානය යොමු කර පාසලට අසල්වැසි දරුවන් කැඳවා ගෙන ඒමට උනන්දුවක් ඇති කිරීම කෙරෙහි අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි.

ජාතික සූරතාවයක් ප්‍රතිවාදීන්ට පහර දී ජය ගත හැකි ඉසව්වකින් දිනා ගැනීම සුළු පිරිසක් ඉන්න පාසලකට පහසු නැහැ.එහෙත් ඒ ප්‍රහාරය පරාජය වූ ප්‍රතිවාදීන්ට තරමටම මධ්‍යම පළාතේ සහ ඉසුරුපායේ ඉහළ පුටුවලටත් දැනෙන්නේනම් තව දුරටත් මේ ප්‍රහාර රටට සීමා නොවුණු ජාත්‍යන්තර වටිනාකම් බවට පත් කළ හැකියි.සමහර විට මේ අඩු ශිෂ්‍ය සංඛ්‍යාව නිසා අඩු අවධානයකින් පවතින පාසලක් වන සිරි පැරකුම් විද්‍යාලයට

පිරිමි සූරතාවය ලබමින් ඓතිහාසික ස්ටබ්ස් කුසලානය දිනා ගන්නට මෙවරත් මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයට හැකි වුණා.අනු සූර.ාවය කොළඹ රාජකීය විද්‍යාලයත්,තෙවන ස්ථානය හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යා පීඨයත් හිමි කර ගැනීමට සමත් වුණා.බාලිකා අනු සූරතාවය හිමි වුණේ ගෙලිඔය පඤ්ඤාරතන විද්‍යාලයටයි.තෙවන තැන මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලය සතු වුණා.පිරිමි සහ කාන්තා සූරතා දෙකම මධ්‍යම පළාත අයත් පාසල් විසින් දිනා ගැනීම මෙන්ම කාන්තා අංශයේ පළමු,දෙවන සහ තෙවන ස්ථාන තුනම මධ්‍යම පළාතේ පාසල් දිනා ගැනීමත් මෙහිදී කැපී පෙණුන සිදුවීමක් වුණා.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වන වන්නට කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කළ ටී.බී.මීගහවත්තට හැකි වුණා.දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාව වූයේ මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලය නියෝජනය කරන සී.වික්‍රමසිංහයි.

ඡායාරූපවල දැක්වෙන්නේ සූරතා ජයගත් සිරි පැරතුම් විද්‍යාලීය බොක්සිං කණ්ඩායම සහ මහනුවර සිල්වෙස්තර විද්‍යාලීය කණ්ඩායමයි.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...