ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල තීරණය වෙන හැටි කංචන කියයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ (LNW):

අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, වෙනත් පාර්ශවවල ලාභ අලාභ මත ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල තීරණය නොවන බව හිටපු අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ අනුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ආනයනයේදී, පිරිපහදුවේදී හා බෙදාහැරීමේදී සිදුවන පිරිවැය ආවරණය වන පරිදි මිල තීරණය වන බවයි .

මිල සූත්‍රයෙන් පරිබාහිරව හෝ වෙනත් යම් සහනාධාරයක් ලබාදීමට රජය තීන්දුවක් ගන්නවා නම් රජය ඒ සඳහා මුදලක් දැරිය යුතු බවට පමණක් ගිවිසුමේ සඳහන්ව ඇති බවද හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

හිටපු අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් ප්‍රකාශ කළේ, සභාපතිවරයාට අවබෝධයක් නොමැති නම් අමාත්‍යංශ නිලධාරීන්ගෙන් විමසන ලෙසත්, ඔහු එම ප්‍රකාශය කළේ අවබෝධයෙන් ජනතාව නොමග යැවීමට නම් ඒ සම්බන්ධයෙන් සමාව අයැදිය යුතු බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...

නින්දක් නැතිව වැඩ කරන ජපානයේ නව අගමැතිනිය අලුයම 3ටත් සාකච්ජා කැඳවයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ නව...

මාලිමාවට බලය හිමි පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැයත්...

පාඩුයි පාඩුයි පාඩුයි – මරික්කාර්ට ඔක්කොම පාඩුයි!

කොළඹ LNW:පසුගිය වසරේ ලාභ ඉපයූ රජයේ සමාගම් මේ වසරේදී...