ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල තීරණය වෙන හැටි කංචන කියයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ (LNW):

අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, වෙනත් පාර්ශවවල ලාභ අලාභ මත ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල තීරණය නොවන බව හිටපු අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ අනුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ආනයනයේදී, පිරිපහදුවේදී හා බෙදාහැරීමේදී සිදුවන පිරිවැය ආවරණය වන පරිදි මිල තීරණය වන බවයි .

මිල සූත්‍රයෙන් පරිබාහිරව හෝ වෙනත් යම් සහනාධාරයක් ලබාදීමට රජය තීන්දුවක් ගන්නවා නම් රජය ඒ සඳහා මුදලක් දැරිය යුතු බවට පමණක් ගිවිසුමේ සඳහන්ව ඇති බවද හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

හිටපු අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් ප්‍රකාශ කළේ, සභාපතිවරයාට අවබෝධයක් නොමැති නම් අමාත්‍යංශ නිලධාරීන්ගෙන් විමසන ලෙසත්, ඔහු එම ප්‍රකාශය කළේ අවබෝධයෙන් ජනතාව නොමග යැවීමට නම් ඒ සම්බන්ධයෙන් සමාව අයැදිය යුතු බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතැනින්.. පුවත...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...