මම යන්නෙ නෑ. ඕනෙම නම් අයින් කරන්න – අගමැති මහින්ද ජනපතිට කියයි !

Date:

තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන බව මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන්නේ නම් තමන් යළි ආණ්ඩුවට එක්වීමට සූදානම් බව දැනට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන විමල් – ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු කණ්ඩායම ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති අතර ජනාධිපතිවරයා ද එය අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇති බව ලංකා නිව්ස් වෙබ් අපි ඊයේ (17) දිනයේදී වාර්තා කළෙමු.

එසේ ජනාධිපතිවරයා විසින් කළ දැනුම් දීමට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් කිසිසේත්ම ඉල්ලා අස්නොවන බවකි. එසේම අවශ්‍යතාවයක් ඇත්නම් තමන්ව අගමැති ධුරයෙන් ඉවත් කරන ලෙස ද මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

සබැඳි පුවත් –

http://139.59.240.222/04/17/13942/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...