නව කැබිනට්ටුව අද දිවුරුම් දෙයි. රාජ්‍ය ඇමතිවරුන් රැසකට කැබිනට් තනතුරු

0
1906

නව කැබිනට් මණ්ඩලය අද (18) දිනයේදී දිවුරුම් දීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

මෙම නව කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 22 දෙනෙකුගෙන් සමන්විත වනු ඇති අතර එහිදී හිටපු ඇමතිවරුන්ට වඩා වැඩි ප්‍රතිශතයක් අලුත් මුහුණු කැබිනට් මණ්ඩලයට එක් කෙරුණු ඇති බවත් සඳහන්.

ඒ අනුව මෙතෙක් රාජ්‍ය අමාත්‍යවරුන් වශයෙන් කටයුතු කළ තරුණ දේශපාලකයින් රැසකට කැබිනට් තනතුරු හිමිවනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

රට තුළ පවතින දේශපාලන තත්වය අනුව ජනතාව හිටපු අමාත්‍ය මණ්ඩලයට ද දැඩි විරෝධයක් දක්වන නිසා ජ්‍යේෂ්ඨ කැබිනට් ඇමතිවරුන් රැසක්ම තමන්ට මෙවර තනතුරු අනවශ්‍ය බව කලින්ම ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවත් වාර්තා විය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here