පොරොන්දු බොරු කියලා ඔප්පු වෙනකොට ආණ්ඩුව මාධ්‍යයට තර්ජනය කරනවා – නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනතාවට වැඩ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය මැතිවරණයෙන් පරාජයට පත්වුණු අතර කිසිදු වැඩක් නොකරමින් 76 අවුරුදු ශාපයක් ගැන කියූ බලවේගයක් බලයට පත්වුණු බවත් අද වනවිට ඔවුන් දුන් පොරොන්දු ඉටුකර ගැනීමට බැරිව සිටින බවත් නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“වැඩ කරපු අපි පරාජයට පත්වුණා, 76 අවුරුද්දක ශාපයක් ගැන කතා කරපු, පන්සලක් පල්ලියක් බෝක්කුවක් හදපු නැති දේශපාලන බලවේගයක් දිනුවා. බලයට ඇවිල්ලා ඉස්ඉස්සෙල්ලාම කළේ තමන් කරන්නෙම නෑ කියපු IMF ගිවිසුමට අත්සන් කළා. මං හිතන්නෙ නෑ අවංකවම අතිගරු ජනාධිපතිතුමාට හෝ ආණ්ඩුවට ඒක කියවන්න වෙලාවක් තිබ්බා කියලා. මොකද ඉන්නෙත් තුන්දෙනයි, තිබ්බෙත් හෝරා කීපයයි, හැබැයි දැන් කියනවා අපි IMF එකත් එක්ක තවදුරටත් සාකච්ඡා කරනවා ලු. ඕනෙම කෙනෙකුට තියෙන සාමාන්‍ය දැනීම තමයි ඕනෙම ගිවිසුමක් අත්සන් කරලා සාකච්ඡා කරන්න බෑ. එහෙනම් අත්සන් කරන්න කලින් සාකච්ඡා කරන්න ඕනෙ. තමන් පොරොන්දු වෙච්ච ඒවා ක්‍රියාත්මක කරන්න බැරිවෙනකොට, ඒවා බොරු කියලා සමාජයේ ඔප්පු වේගෙන එනකොට මාධ්‍යයට තර්ජනය කරනවා. ජඩමාධ්‍ය පරිස්සම් වෙලා ඉන්න කියලා ප්‍රසිද්ධ වේදිකාවේ කියනවා. මැතිවරණ නීති ක්‍රියාත්මක කරන්න පොලිසියේ මහත්තුරු ගිහිල්ලා පෝස්ටරයක් ගැලෙව්වාම පෝස්ටරය ඉරපු කෙනාට ප්‍රසිද්ධියේ බනිනවා. මේක තමයි අද වර්තමාන ආණ්ඩුවේ මේ සති පහ හය ඇතුළත අපට දකින්න තියෙන දේ”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 08) මොරවකදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්මි,ඉමේෂා සහ ඉනෝෂි එක්ව අළු පාට ජය පාටට හරවති

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: කාන්තා විස්සයි ජාතික ලීග්...

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශයද මැදිහත්වීමෙන්,...

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...