අධ්‍යාපනයේ විශාල ප්‍රතිසංස්කරණයක් තුළින් ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරනවා – ජනපති

සටහන – රුවන් නෙළුගොල්ල

ග්‍රාමීය ප්‍රදේශවල ඇත්තේ චක්‍රීය දුප්පත්භාවය පිළිබඳ අර්බුදයක් බවත් තම රජය යටතේ ගෙන එන විධිමත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“අපේ ආණ්ඩුවේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය තමයි ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම. හොඳ අධ්‍යාපනයක්, දැනුමක් ආණ්ඩුවක් විසින් ලබාදෙන්න පුළුවන් නම්, පවුල දුප්පත් වුණත් දරුවා උගත් නම් අද ඒ පවුල දුප්පත්භාවයෙන් ගොඩ එනවා. හැබැයි පවුලත් දුප්පත් නම් දරුවත් නූගත් නම් ඒ පවුලත් දුප්පත්, දරුවගේ පවුලත් දුප්පත්. මේක චක්‍රීය දුප්පත්භාවය පිළිබඳ අර්බුදයක්. ඒ නිසා අපි අධ්‍යාපනයේ විශාල ප්‍රතිසංස්කරණයක් ඇති කරනවා. එතකොට හැම දරුවාම පාසලෙන් එළියට එන්නේ අධ්‍යාපනය පිළිබඳව හෝ වෘත්තීමය ලෙස අනාගතයට පාර හදාගෙනයි”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කුරුණෑගලදී පැවති ජන රැලියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...