විවිධ චෝදනා මත ඊශ්‍රායලය මගින් පිටුවහල් කිරීමට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු අවසානයේ කළ දේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ (LNW):

සති 2ක කාලයක් අඛණ්ඩව සේවයට නොපැමිණීම හා සෙසු ශ්‍රී ලාංකිකයන්ට බලපෑම් කිරීමට උත්සාහ කිරීම ඇතුළුව කඩාකප්පල්කාරී හැසිරීම් චෝදනා මත, ඊශ්‍රායලය මගින් පිටුවහල් කිරීමට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු ටෙල් අවිව් ගුවන්තොටුපොළේදී පලාගොස් ඇති බව, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේය.

තානාපතිවරයා සඳහන් කළේ , ඊශ්‍රායලයේ  ප්‍රමුඛතම විදේශ ශ්‍රමිකයන් බඳවා ගන්නා ආයතනයක් විසින් ඔහුව ඉදිකිරීම් අංශයේ සේවය සඳහා යොදවා තිබූ බවයි. ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර ඇති කරගත් ද්වි පාර්ශවීය ගිවිසුම අනුව ලැබුණු රැකියා කෝටාවෙන් පැමිණි ඔහු පසුගිය සැප්තැම්බර්  මාසයේ සේවය සඳහා යොදවා ති‌බේ.

මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක් එලෙස පලාගොස් ඇති බව වාර්තාවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...