*
Friday, November 22, 2024
spot_img

Latest Posts

රැල්ලට එන අය රැල්ලටම යනවා,NPPආණ්ඩුවත් සදාකාලික නැහැ – ලාන්සා

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ (LNW):


අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ජනතාවට දුන් පොරොන්දු කිසිවක් ඉටු කළ නොහැකි බවත්, වේදිකාවේ දුන් පොරොන්දු, ආදායම අඩු කර වියදම වැඩි කරන පොරොන්දු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ වත්තල පල්ලියවත්ත පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

” අනුර කුමාර මහතා ජනාධිපති වීමට පෙර පොරොන්දු විශාල ප්‍රමාණයක් ලබා දුන්නා. සාමන්‍යයෙන් ජනාධිපතිවන කෙනෙක් ජනතාවට ලබා දුන්න පොරොන්දු යම් ප්‍රමාණයක් ලබා දීලා මැතිවරණයකට යන්නේ. අනුර කුමාර මහතා මැතිවරණ පොරොන්දු ඉටු නොකර මැතිවරණයකට යාමට සූක්ෂම වුනා. වැට් එක අඩු කිරීම, ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් මාස හයෙන් හයට වැඩි කිරීම, ඇප නැතිව ණය දීම වැනි විශාලා පොරොන්දු රාශීයක් ජනතාවට ලබා දුන්නා.

මෛත්‍රීපාල සිරිසේන මහතා ආපු ගමන් දින 100 වැඩසටහන ක්‍රියාත්මක කළා. ගෝඨාභය රාජපක්ෂ වැට් එක අඩු කළා. සාමන්‍යයෙන් ජනාධිපතිවරු තමන් දුන් පොරොන්දු වලින් යම් කොටසක් ඉටු කරලා මැතිවරණයකට යන්නේ. අනුර කුමාර මහතා ඒ එකක්වත් කරන්නේ නැතිව මැතිවරණයට ගියා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගිවිසුමක ඉන්නේ. ඒ නිසා අපිට ඕන ඕන විදියට රාජ්‍ය ආදායම අඩු කරන්න බැහැ. අදායම අඩු කරනවනම් අනිත් පැත්තෙන් ඒක ගන්න විදිය කියන්න ඕනේ. වියදම අපිට ඕන ඕන විදියට වැඩි කරන්නත් බැහැ. වියදම වැඩි කරනවනම් ඒ වැඩි වන වියදමට ආදායම එකතු කරන්නේ කොහොමද කියලා කියන්න ඕනේ.

අනුර කුමාර මහතා වේදිකාවක් වේදිකාවක් ගානේ වියදම වැඩි කරන හැටි හා ආදායම අඩු කරන හැටි කිව්වා. දැන් අනුර කුමාර මහතා පත් වෙලා දින පනහක් ගියා. මාස හයක්, අවුරුද්දක්, අවුරුදු පහක් ගියත් දුන් පොරොන්දු ඉටු කරන්න බැහැ. අනුර කුමාර, විජිත හේරත් ඕනෑම විවාදයකට එන්න මම ඔප්පු කරලා පෙන්නන්නම් එකින් එක දුන්න පොරොන්දු ඉටු කරන්න බැහැ කියලා.

රනිල් වික්‍රමසිංහ යන පාර වැරදියි, ආර්ථික ක්‍රමය වැරදියි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක යන ක්‍රමය වැරදියි, මහ බැංකු අධිපති අයින් කරනවා වැනි දේවල් කිව්වා. නමුත් අද කරගෙන යන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළමයි. මහ බැංකු අධිපති එලවනවා කියලා කිව්වේ. දැන් ලැජ්ජාවක් නැතිව එතුමා එක්ක වැඩ කරනවා. භාණ්ඩාගාර ලේකම් එලවනවා කීවා. නමුත් වැඩ කරනවා.

අනුර කුමාර මහතා රට ඉදිරියේ, මිනිස්සු ඉදිරියේ ගොඩක් දේවල් කරනවා කියලා කිව්වා. නමුත් කරන්න බැහැ. ටිල්වින් සිල්වා මහතා කියනවා කියපු එක බොරුවක් කියන්න කියලා. එක බොරුවක් නෙමේ බොරු දාහක් විතර කියලා තියෙනවා.

මේ අය මොනවා හරි විකුණනවා කියලා කීවේ නෑ. නමුත් ත්‍රීපෝෂ සමාගම විකුනන්න දාලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ ඔක්කොම විකුණනවා කියලා ඒ අය කිව්වේ. දැන් මේ අය කැබිනට් එකට දාලා ත්‍රීපෝෂ එක විකුණන්න. ඒක විකුණනවා කියන්නේ ගර්භනී මාතාවන්ට, අඩු ආදායම් ලාභී දරුවන්ට දෙන පෝෂණයට පහර ගහනවා කියන එක. දුප්පත් මිනිස්සුන්ගේ, කාන්තාවන්ගේ කර මතින් බලයට ආපු එක ඒ අයට අමතක වෙලා.

ටිල්වින් සිල්වා මහතා එක බොරුවක් කියන්න කීවා. උපයන විට ආදායම් බදු සීමාව වැඩි කීරිම, වැට් එක අඩු කිරීම, NBT එක අඩු කිරීම, වැටුප් වැඩි කිරීම, ඉන්ධන වලින් කොමිස් ගහනවා කීවා. කොමිස් එක අඩු වුනාම ඉන්ධන මිල අඩු වෙන්න ඕනේ. උගන්ඩාවේ සල්ලි ගේනවා කීවා. කෝ මේ එකක්වත් කරන්නේ නැහැනේ. සමාජය තුළ බොරු වපුරලා තියෙනවා. තෙල් වලින් කොමිස් ගන්නවා කීවා. දැන් ඒ ඇමතිවරු නැහැ. තෙල් ගොඩ බාන මිලට දහයක් එකතු කරලා දෙනවා කියලා කිව්වේ. දැන් බාන මිල රුපියල් 128 යි. දැන් රපියල් 138 දෙන්න පුලුවන්.

වේදීකාවේ මොනවා කතා කළත් පුටුවට ඇවිත් මොනවත් කතා කරන්නේ නැහැ. කුඩ, එළවලු, කජු ගැන කතා කරලා සමාජයට වැඩක් නැහැ. සමාජයට වැදගත් වෙන්නේ දුන් පොරොන්දු ඉටු කරන්නේ කවදද කියන එකයි. සිල්ලර කතා කියලා වැඩක් නැහැ. දුන් පොරොන්දු මේ අයට ඉටු කරන්න බැහැ. ඇයි එහෙම කියන්නෙ. 2028 අපි ණය ගෙවන්න ඕනේ. ණය ගෙවන්න නම් හැම අවුරුද්දකම ආදායම වැඩි කරන්න ඕනේ. දෙවැනි කාරණය මේ අය දුන්න පොරොන්දු නිසා අඩුවන ආදායම ලබා ගන්නේ කොහොමද කියලා පෙන්නන්න ඕනේ. තෙවැනි කාරණය මේ අය පඩි වැඩි කරනවා, වැටුප් විෂමතා ඉවත් කරනවා කියලා කිව්වා. එහෙනම් අලුත් ආදායම් හදන හැටි කියන්න ඕනේ. සිව්වැනි කාරණය රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරනවා කියලා අපි කිව්වා. මේ අය නැහැ කිව්වා. පෞද්ගලීකරණය කලාම අලාභය අඩු වෙනවා. ඒ අය ඒක කරන්නේ නැතිනම් ඒ අලාභය පියවගන්න අලුත් ආදායම් මාර්ගයකින් උපයගන්න ඕනේ. මේ දේවල් කරන හැටි පෙන්නනන් ඕනේ. මේ අයට කිසි දෙයක් කරන්න බැහැ.

රනිල් වික්‍රමසිංහ මහතා ඩොලර් බිලියන 16 ක ණය සහනයක් රටවල් 17 කින් අරන් දීලා තියෙනවා. ඒ ණය සහනය දෙන්නේ අපේ ප්‍රගතිය බළලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වෙනි වාරිකය ගන්න තියෙනවා. අද මේ හැම එකක්ම නතර වෙලා. මේ අය ඉල්ලලා තියෙනවා ජන්දය ඉවර වෙනකන් පොඩ්ඩක් කල් දෙන්න කියලා. ජන්ද ඉවරවෙලා මේ අය අයවැය දාන්නේ නැහැ. දැම්මොත් දුන්න පොරොන්දු ඉටු කරන්න වෙනවා. මේ අය මාර්තු වෙනකන් අයවැය ගේන්නේ නැහැ. පළාත් පාලන ජන්දයත් තියලා තමා මේ අය අයවැය ගේන්නේ. මොනවා කියලා බලයට ආවත් කරන්න බැහැ. අද්දැකීම් නැහැ, කලපුරුද්ද නැහැ, ජාත්‍යන්තර සබඳතා නැහැ, ලෝක ආර්ථිකය දන්නෙ නැහැ.

දැන් ජනාධිපති පුටුවේ ඉන්න නිසා ජනතාවට දුන්න පොරොන්දු ඉටු කරන්න. දැන් අග්‍රාමාත්‍යතුමිය කියනවා පොලිසියේ මහත්තයෙක් කියපු නිසා ආරක්ෂාව ඕනේ කියලා. කලින් කීවේ ප්‍රභූ ආරක්ෂාව ඕනේ නැහැ කියලා. දැන් ඕනේ වෙලා. ත්‍රීපෝෂ එක තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ. සෞඛ්‍ය අමාත්‍යාංශය තියෙන්නේ හරිනි මහත්මිය යටතේ. එයා කාන්තාවක් වෙලා කොහොමද ගරුභනී මව්වරුන්ට දෙන ත්‍රීපෝෂ එක විකුනන්නෙ. බෙහෙත් ගේන්න අමාත්‍ය මණ්ඩල සංදේශ තුනක් දැම්මා. තුනම ප්‍රතික්ෂේපයි. අමාත්‍ය මණ්ඩල සංදේශයක්වත් දාන්න දන්නේ නැහැ.

රැල්ලට එන අය රැල්ලටම යනවා. සදාකාලික නැහැ. ඔන්ලයින් පනත ගේනකොට ප්‍රජාතන්ත්‍රවාදය ගැන පුදුම අමාරුවක් තිබුනේ. දැන් ඒ පනතින්ම සමාජ මාධ්‍යයේ එයාට විරුද්ධව දාපු එකකට කෙනෙක් රිමාන්ඩ් කරලා. කතා කළේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන. මේ අයට රාජ්‍ය පාලනය ගැන අවබෝධයක් නැහැ. බිත්තරය අඩු වුනේ කොමිස් ගන්න එක නතර වුන නිසා කියලා ආර්ථික විශේෂඥයා කිවේ. ඉල්ලුම සැපයුම හා වෙළෙදපොළ තත්ත්වය නිසා මේ දේ වෙනවා කියලා තේරෙන්නේ නැහැ. ජන්දය දෙන්න ඕනේ දන්න අයට. කලින් ජනතා විමක්ති පෙරමුණේ හතලිස් දෙකක් ආවා. කෝ දැන් කට්ටිය. වුන දෙයක් නැහැ. ගම්පහට මොනවද කරලා තියෙන්නේ. මහජන දිනයක්වත් තියන්නේ නැහැ. ඒ නිසා ජනතාව හඳුනන පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න” යැයි නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan