*
Sunday, November 24, 2024
spot_img

Latest Posts

සුජීවගේ V8 රථය CIDයට භාරදෙයි – රිය අනතුරක් ගැනත් අනාවරණයක් !

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අයත් ප්‍රශ්නගත සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (නොවැම්බර් 11) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බව වාර්තා වේ.

ඒ, එම ජීප් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ දහවල් ලබාදුන් නියෝගයකින් අනතුරුව ය.

මෙම ජීප් රථය නීතිවිරෝධී ලෙස මෙරටදී එකළස් කරන ලද එකක් බවට ලැබී තිබුණු තොරතුරක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණු අතර අධිකරණ නියෝගයක් අනුව එය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට ද සුජීව සේනසිංහ මහතා පසුගියදා කටයුතු කර තිබිණි.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශය වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම ජීප් රථය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගාට ලැබුණු තීරුබදු රහිත වාහන බලපත්‍රය මගින් 2010 වසරේදී මෙරටට ගෙන්වා ඇති බවයි. මෙම ජීප් රථය ලියාපදිංචි කිරීමෙන් තොරව ශ්‍රී රංගා විසින් මාස කිහිපයක් භාවිතා කර ඇති අතර 2011 මාර්තු 30 සෙට්ටිකුලම් ප්‍රදේශයේදී අනතුරකට ලක්ව ඇති බවත් එහිදී පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් අධිකරණයට දන්වා සිටි CIDය මෙවන් පසුබිමක 2022 වසරේදී මෙම ජීප් රථය සුජීව සේනසිංහ මහතා නමින් ලියාපදිංචි කර ඇති බවත් කැලණිය ප්‍රදේශයේ වාහන එකළස් කිරීමේදී ස්ථානයකට යොමුකර මීට කොටස් කිහිපයක් එකතු කර ඇති බවත් දැනුම් දුන්නේය.

එබැවින් මෙම ජීප් රථය තවමත් විභාග වෙමින් පවතින, ආන්දෝලනයට තුඩුදුන් නඩුවක නඩු භාණ්ඩයක් බව පැවසූ CIDය, මෙම ජීප් රථය විනාශ කිරීමේ හෝ සැඟවීමේ අවදානමක් ඇති බැවින් එය අධිකරණය භාරයට පත්කරන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා සිටියේය.

එම කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කළේ අදාළ ජීප් රථය CID භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan