චීනයේ ව්‍යායාම කරමින් සිටි පිරිසක් වෙතට මෝටර් රථයක් පැදවීමෙන් 35 දෙනෙකු මරුට; 43 දෙනෙකුට බරපතල තුවාල

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණුදිග චීනයේ ෂුහායි නගරයේ ක්‍රීඩා මධ්‍යස්ථානයක ව්‍යායාම කරමින් සිටි පුද්ගලයන් පිරිසක් මතට රියදුරෙකු සිය මෝටර් රථය පැදවීමෙන් පුද්ගලයන් 35 දෙනෙකු මිය ගොස් තවත් 43 දෙනෙකුට බරපතල තුවාල සිදු වී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් 62 හැවිරිදි පුද්ගලයකු එරට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධ විමර්ශන කටයුතු සිදුවෙමින් පවතියි.

චීනයේ ජනාධිපති ෂී ජින්පිං, සමාජ ස්ථාවරත්වය සහතික කරන ලෙස ප්‍රාදේශීය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි අතර සිද්ධිය හැසිරවීම අධීක්‍ෂණය කිරීමට කණ්ඩායමක් ෂී බීජිං සිට පිටත් කර හැර තිබේ. මේ සම්බන්ධයෙන් චීන රාජ්‍ය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා සියලු උත්සාහයන් ගන්නා ලෙස ඉල්ලා සිටි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...