චීනයේ ව්‍යායාම කරමින් සිටි පිරිසක් වෙතට මෝටර් රථයක් පැදවීමෙන් 35 දෙනෙකු මරුට; 43 දෙනෙකුට බරපතල තුවාල

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණුදිග චීනයේ ෂුහායි නගරයේ ක්‍රීඩා මධ්‍යස්ථානයක ව්‍යායාම කරමින් සිටි පුද්ගලයන් පිරිසක් මතට රියදුරෙකු සිය මෝටර් රථය පැදවීමෙන් පුද්ගලයන් 35 දෙනෙකු මිය ගොස් තවත් 43 දෙනෙකුට බරපතල තුවාල සිදු වී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් 62 හැවිරිදි පුද්ගලයකු එරට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධ විමර්ශන කටයුතු සිදුවෙමින් පවතියි.

චීනයේ ජනාධිපති ෂී ජින්පිං, සමාජ ස්ථාවරත්වය සහතික කරන ලෙස ප්‍රාදේශීය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි අතර සිද්ධිය හැසිරවීම අධීක්‍ෂණය කිරීමට කණ්ඩායමක් ෂී බීජිං සිට පිටත් කර හැර තිබේ. මේ සම්බන්ධයෙන් චීන රාජ්‍ය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා සියලු උත්සාහයන් ගන්නා ලෙස ඉල්ලා සිටි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවනින් ආ රුසියානු ආධාර: ජංගම විදුලි බලාගාරයකුත් ඒ අතර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදා තත්ත්වයට ආධාර...

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...

ඇයි මේ සයිරන් ගහන්නේ එවන්නකො SMS එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි...