කසකාරයෝ නීල මැකෙන්සි හමුවට

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 13,(LNW) කොළඹ :

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පිතිකරුවෙකු ලෙස ඉහළ දක්ෂතා දැක් වූ නීල් මැකෙන්සි ටෙස්ට් තරග දෙකක් සඳහා දකුණු අප්‍රිකාවේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කණ්ඩායමෙන්මේ වන විටත් එරටට ගොස් සිටින ක්‍රීඩකයින්ට පුහුණුකරුවෙකු ලෙස සහය වීමට නීල් මැකෙන්සි ඉදිරිපත් වී සිටිනවා.නොවැම්ඉර් 13 සිට 21 දක්වා කාලය තුළ ඔහුගේ විශේෂඥ දැණුම ඇසුරෙන් දකුණු අප්‍රිකානු තණතීරුවල පිතිකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පුහුණුවක් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් වශ්වාස කරනවා.


මැකෙන්සි දකුණු අප්‍රිකාවේ තත්ත්වය පිළිබඳව ඉතා වැදගත්, ගැඹුරු අවබෝධයක් ලබා දෙනු ඇත.“ යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හී ප්‍රධාන විධායක ඈශ්ලි ද සිලවා පවසනවා.


දකුණු අප්‍රිකාව සතුව සිටි දක්ෂ පිතිකරුවෙකු වන නීල් මැකෙන්සි ශ්‍රී ලංකා පිතිකරුවන්ට විශේෂිත වූ දැණුමක්,දකුණු අප්‍රිකානු තණතීරුවල පන්දු හැසිරීම ගැන ලබා දෙද්දී,ඔවුන් සමඟ සිටින ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන්ට ද එම තණතීරුවල පන්දුව කෙසේ මැසිරවිය යුතු ද යන්න ගැන ද විශාල ප්‍රායෝගික දැණුමක් ලැබෙන ඇත.


ශ්‍රී ලංකාව මේ වන විට ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හී ඉදිරියට පැමිණ අවසාන තරගය නියෝජනය සඳහා ඉඩක් සකසා ගැනීම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව වී ඇත.එම බලාපොරොත්තුවට අදාළ තීරණාත්මක තරගාවලියක් වන දකුණු අප්‍රිකානු සංචාරය වෙනුවෙන් එම ජයග්‍රාහී බලාපොරොත්තුව සමඟ එරටට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කසකරුවන් කණ්ඩායම නීල් මැකෙන්සි වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත්තේ ද එබැවින්ය.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...

ඇයි මේ සයිරන් ගහන්නේ එවන්නකො SMS එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි...

බිඳී ගිය රට නැවත හුස්ම ගනී: ප්‍රතිසංස්කරණය ජාතික අභියෝගයක් බවට

උස් පහත් භේදයකින් තොරව කුඩා වැඩිහිටි සියල්ලන්ටම සෑම දේම...