ෂුහායි නගරයේ ගලාගිය කඳුළු!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊයේ (12) දින දකුණු චීනයේ ෂුහායි නගරයේ ක්‍රීඩා මධ්‍යස්ථානයක් අසළ මාර්ගයේ සිදුවූ මෝටර් රථ ප්‍රහාරයෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බීබීසීය පවසයි.

ෂුහායි හි ක්‍රීඩාංගනය අසළ ක්‍රීඩා ධාවන පථයේ ව්‍යායාම කරමින් සිටි පුද්ගලයින් කණ්ඩායමක් යට කරමින් සැකකරු තම මෝටර් රථය ධාවනය කර ඇති බව , චීන පොලීසිය පවසයි. ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් අතර, වැඩිවශයෙන් වැඩිහිටියන් සහ ළමුන් සිටින අතර තවත් පුද්ගලයින් 45 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වේ.

චීන පොලීසිය පවසන්නේ, මෙම අපරාධය සිදුකළ 62 හැවිරිදි රියැදුරු, ඔහු දික්කසාදය සමථයකට පත් වීම පිළිබඳ නොසතුටෙන් මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි. ෂුහායි ක්‍රීඩා මධ්‍යස්ථානයෙන් පලා යාමට තැත් කිරීමේදී මෙම රියදුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුම සිදුකරගෙන ඇති තුවාල හේතුවෙන් කෝමා තත්වයේ පසුවන බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ අතර චීන ජනාධිපති ෂී ජින්පින් අපරාධකරුට “දැඩි දඩුවම්” ලබා දෙන බවට පොරොන්දු වී ඇති අතර තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය සියළු පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇති බව සඳහන් වේ.

දැඩි ආරක්‍ෂාව සහ දැඩි ගිනි අවි නීති නිසා චීනයේ ප්‍රචණ්ඩ අපරාධ දුර්ලභ වූවත් පසුගිය කලාය පුරා විශාල නගරවල පිහි ප්‍රහාර පිළිබඳ වාර්තා ඉහළ යනු දක්නට ලැබුණු අතර, මේ නිසා පොදු ස්ථානවල ආරක්ෂාව කෙරෙහි මහජන අවධානය යොමුව ඇති බව සඳහන් වේ.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී, බීජිං හි පිහි ප්‍රහාරයකින් නගරයේ ප්‍රාථමික පාසලකින් පිටත පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලැබූ අතර ඊට මාසයකට පෙර, ජපන් ශිෂ්‍යයෙකු ඔහුගේ පාසලෙන් පිටතදී මාරාන්තික පිහි පහරකට ලක් වුණු පුවතක්ද වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...