ආරුගම්බේ වෙත පනවා තිබුණු සංචාරක සීමා ඇමරිකාව ඉවත් කරයි!

Date:

කොළඹ LNW:ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කරගනිමින් පැවති ප්‍රහාරයක අවදානමක් හේතුවෙන් ආරුගම්බේ ප්‍රදේශය සඳහා පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කළ බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.

ඇමෙරිකානු තානාපති කාර්යාලය එම සංචාරක සීමාව පැනවූයේ පසුගිය ඔක්තෝම්බර් 23 වැනිදාය.

එම සීමාවන් මේ වන විට ඉවත්කර ඇති හෙයින් ශ්‍රී ලංකාව සඳහා වූ සිය සංචාරක උපදේශනය යාවත්කාලීන කරන බවයි එම තානාපති කාර්යාලය පවසන්නේ.

එම ප්‍රහාරයක සැලසුම් සම්බන්ධයෙන් පසුගියදා රජය විසින් සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට ගත් අතර ඔවුන් අතරින් එක් අයෙක් මාලදිවයින් ජාතිකයෙක් බවයි වාර්තා වුණේ.

කෙසේවෙතත් ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්මක් පවතින බවට ලද බුද්ධි තොරතුරු අනුව එම ප්‍රදේශය ඇතුළු සංචාරක මර්මස්ථාන ඇතුළුව සංචාරක හෝටල් සඳහා ද ආරක්ෂක වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කර තිබුණු අතර එළඹෙන සංචාරක සමයට අදාළවද රට පුරා ආරක්ෂක සැලසුමක් ක්‍රියාත්මක වන බවද පසුගියදා අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කර තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...