ඡන්දය දැමීම වෙනුවට ඡන්ද පත්‍රිකාව ඉරා දමලා!

0
3648

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ (LNW):

ඡන්ද පත්‍රිකාවක් ඉරා දැමු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයක දී බව වාර්තා වේ.

වාද්දුව පොලීසිය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වන අතර, ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළු වු අදාළ පුද්ගලයා ඡන්ද පත්‍රිකාව ලබාගෙන මනාප අංක අමතක වී යැයි පවසා එම මධ්‍යස්ථානයෙන් පිටතට යාමට එහි සිටි නිලධාරීන්ගෙන් අවසර ඉල්ලා ඇති බව තොරතුරු වාර්තා වේ .

එහිදී, පොලීසිය පැවසුවේ, ඊට අවසර ලබා දිය නොහැකි බවට එම නිලධාරීන් පැවසීම හේතුවෙන් ඔහු සිය ඡන්ද පත්‍රිකාව ඉරා දමා ඇති බවයි.