ශ්‍රී ලංකාවට සම්බාධක පනවන්න – චීන පොහොර සමාගමෙන් චීන රජයට බලපෑම්

ශ්‍රී ලංකාවට සම්බාධක පනවන්නැයි චීනයේ සීවින් බයෝටෙක් පොහොර සමාගම එරට රජයෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කරනවා. මේ වනවිටත් අදාල සමාගම ශ්‍රී ලංකා බළධාරීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් චීන රජයට පැමිණිලි කර තිබෙනවා.

කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීමත් සමග ශ්‍රී ලංකා රජය චීනයේ සීවින් බයෝටෙක් සමාගමෙන් කාබනික පොහොර තොගයක් ඉල්ලුම් කළ අතර කෙසේ නමුත් පසුව එම පොහොර තොගය ප්‍රතික්ෂේප කළේය. ඊට හේතු වූයේ අදාල පොහොරවල අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සිටින බව අනාවරණය වීමයි.

කෙසේ නමුත් ඒ වනවිටත් අදාල පොහොර තොගය රැගත් නෞකාව ශ්‍රී ලංකාව ආසන්නයට පැමිණ තිබිණි.

ප්‍රතික්ෂේප වූ පොහොර තොගය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 06 කට වැඩි මුදලක් අදාල සමාගමට ගෙවීමට ශ්‍රී ලංකා බළධාරීන් කැමැත්ත පළකර තිබෙන නමුත් සමාගම පවසන්නේ පොහොරවල සමස්ත වටිනාකම ගෙවිය යුතු බවයි. එම මුදල ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර නීතිය අනුව කටයුතු කිරීමටද සමාගම තීරණය කර තිබෙනවා.

මීට අමතරව ජාත්‍යන්තර ආයතන වෙත පැමිණිලි කරන බවද සීවින් බයෝටෙක් සමාගම පවසනවා.

සමාගමේ ඉල්ලීම මත ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමට චීනය කටයුතු කළහොත් එය ශ්‍රී ලංකාවට බරපතල ගැටලුවක් වනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...