පිය පුතු දේශපාලනයෙන් සමාජය යහපත් කරන හැටි අපි ආදර්ශයෙන් පෙන්වන්නම් – චතුරංග

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පිය – පුතු දේශපාලනය සමාජ අරමුණකට යොමුකර සමාජය යහපත් කිරීමේ කාර්යභාරයට දායකත්වය දෙන ආකාරය තමන් සහ තම පියා විසින් ආදර්ශයෙන් පෙන්වන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ පවසයි.

“තරුණයො විදියට අවුරුදු පහකට කලින් මේ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙලා, අපි එකට අරගල කරලා, ඒ හැඟීම කියලා නිම කරන්න බැහැ. අපි ඒක නෛතික වශයෙන් අද තහවුරු කරලා තියෙනවා. අපේ තාත්තාගෙ දේශපාලනය තාත්තාට, මගේ දේශපාලනය මට. ඉතින් හොරණ දිස්ත්‍රික්කයෙන් ඔහුත් මේ වෙනකොට පත්වෙලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට. ඉතින් අපි ආදර්ශයෙන් පෙන්වන්නම් පිය – පුතු දේශපාලනය වුණත් සමාජ අරමුණකට, පොදු අරමුණකට කොහොමද යොමුකරලා මේ සමාජය යහපත් කරන කාර්යභාරයට අපේ දායකත්වය, ඔහුගේ දායකත්වය, මගේ දායකත්වය දෙන්නේ කියලා”

චතුරංග අබේසිංහ මහතා මේ බව පැවසුවේ පෙරේදා (නොවැම්බර් 15) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

චතුරංග අබේසිංහ යනු ජාතික ජන බලවේගයේ මහලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ පුත්‍රයෙකි. නිහාල් අබේසිංහ මහතා කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින අතර චතුරංග අබේසිංහ කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...

සර්වඥ ධාතු ප්‍රදර්ශනයට සූදානම්. ජනාධිපතිවරයා විශේෂ සාකච්ජාවකුත් කැඳවයි!

කොළඹ LNW:ඉන්දියාවේ සිට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය...

ආපදාවෙන් නිවාස අහිමිවූ වතුකර ජනතාව සඳහා තාවකාලික නිවාස ලබාදීමට සැලසුම්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් විපතට පත්ව නිවාස...