ජාතික ලැයිස්තුවට එළියෙන් අය ගේන්න බෑ – මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා පත් කළ හැක්කේ මහමැතිවරණයට නාමයෝජනා භාරදීමේදී පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම විසින් නම් කරන ලද ජාතික ලැයිස්තුවේ සඳහන් අපේක්ෂකයින් හෝ මහමැතිවරණයට තරග කර පරාජයට පත්වූ අපේක්ෂකයින් හෝ පමණක් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

“අපි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 29 සම්බන්ධයෙන් ඒ පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දීලා තිබෙනවා ඔවුන්ට නිශ්චිතව වෙන් කරපු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් කර එවන්න කියලා. ඒ අනුව පක්ෂයේ ලේකම්වරයාට හෝ ස්වාධීන කණ්ඩායමක නායකයාට පුළුවන් දැනට ජාතික ලැයිස්තුවේ අපට භාරදීලා තියෙන නාමයෝජනා පත්‍රයේ තිබෙන නම් අතරින් ඒ අදාළ නම් ප්‍රමාණය තෝරලා එවන්න. එසේත් නැතිනම් මෙම මැතිවරණය සඳහා තරග කරලා පරාජයට පත්වෙච්ච කෙනෙකුට වුවත් පක්ෂයේ ලේකම්වරයාට පුළුවන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදීමට. ජාතික ලැයිස්තුවේ හෝ මැතිවරණ කොට්ඨාසයක නාමයෝජනා පත්‍රයක හෝ තියෙන නමකින් බැහැරව වෙනත් නමක් මන්ත්‍රී ධුර සඳහා ගැසට් කිරීමේ හැකියාවක් නැහැ”

සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...