ජවිපෙ කොතරම් පැරදුණත් නායකත්වය වෙනස් කළේ නෑනෙ. අපේ පක්ෂයෙත් ප්‍රශ්නයක් නෑ – රංජිත්

සටහන – රුවන් නෙළුගොල්ල

වැරදි නිවැරදි කර ගනිමින් පක්ෂයේ ගමන ඉදිරියට යා යුතු බවත් පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ගැටලුවක් පක්ෂය තුළ පැන නැඟී නොමැති බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

ප්‍රශ්නය – දැන් ඔබතුමන්ලා එක්සත් ජාතික පක්ෂයේ ඉන්නකොට එළියට ආවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉල්ලනවා, ඉල්ලනවා, පරදිනවා, පරදිනවා කියලා. දැන් මෙතුමාත් ඉල්ලනවා, ඉල්ලනවා, පරදිනවා, පරදිනවා ..?

“රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන ඒ තීන්දුව ගත්තේ එතුමා 1994 පක්ෂ නායකත්වයට පත්වෙලා අවුරුදු 26 කට පස්සේ. බලන්න දැන් ජනතා විමුක්ති පෙරමුණ පැරදුණා, පැරදුණා, පැරදුණා නෙ. නායකත්වය වෙනස් කළේ නෑනෙ … ඉතින් අපේ නායකයා තවම පත්වෙලා අවුරුදු හතරහමාරයි”

ප්‍රශ්නය – ඒ කියන්නෙ තවත් අල්ලන් යන්න පුළුවන් කියලා හිතනවා ?

“අනිවාර්යයෙන්ම. වැරදි නිවැරදි කරගෙන මේ ගමන අපි යන්න ඕනෙ”

ප්‍රශ්නය – නායකත්වයේ වෙනසක් වෙනවාද, මෙහෙම්ම යනවාද ?

“එහෙම ප්‍රශ්නයක් නෑ පක්ෂය ඇතුළේ”

ප්‍රශ්නය – දැනට ප්‍රශ්නයක් නෑ, නමුත් යටින් එන්නෙ නැද්ද කැරැල්ලක් නායකත්වය නිසා තමයි පැරදුණේ කියලා ?

“එහෙම කැරැල්ලක් කොහෙන්වත් ඇවිල්ලා නෑ”

රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 17) සජබ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව අද ප්‍රහාරයක් එල්ල විය හැකි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ඉරානයට එරෙහිව...

බ්‍රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්‍රසීල ජනාධිපතිවරණයේ...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....