මෙච්චර කාලයක් මේ පාලකයෝ කළේ තිරසාර සංවර්ධනයක් නෙවෙයි ඒක අතීසාර සංවර්ධනයක්! (VIDEO)

0
341

එදා නුගේගොඩින් මහින්ද සුළඟ ආරම්භ කරන විට එය සුළඟක් නොව කෝඩයක් විය හැකි බවට සැකයක් පැවති අතර අද වන විට වහලය පමණක් නොව අපවත් එළියට ඇදදමා අවසන් බව ජනහඬ සංවිධානයේ කැඳවුම්කරු කපිල රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ, අද (19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

එදා පටන්ම සංවර්ධන කියා දේශපාලන ව්‍යාපෘති සිදුකළ අතර දැන් ඒවායේ හරක් බඳින තත්ත්වයට පත්ව ඇති බවත් එය තිරසාර සංවර්ධනයක් නොව අතීසාර සංවර්ධනයක් බවයි ඔහු අවධාරණය කළේ.

පවතින ජනතා අරගලය මැද පෙර සිටි කැබිනට්ටුව පසෙක තබා විද්‍යාත්මක යැයි පවසමින් නව කැබිනට්ටුවක් පත් කිරීමට කටයුතු කළ ද එය විද්‍යාත්මක නොව විජ්ජාත්මක කැබිනට්ටුවක් බව රාජපක්ෂ මහතා කියා සිටියේය.

නව කැබිනට්ටුව ආරම්භයේදීම කළේ හිටපු ඇමැතිටත් ගහන ගමන් ජනතාවගේ පොකට්ටුවටත් පහර ගැසූ බව යැයිද හෙතෙම සඳහන් කරන ලදී.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here