ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශ කර සමූහ වශයෙන් පිටුවහල් කිරීමට හමුදාව යොදා ගැනීමට සූදානම්

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපදේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එළඹෙන කාලය තුළ ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර සමූහ වශයෙන් පිටුවහල් කිරීමට මැතිවරණ වේදිකාවේ ලබා දුන් පොරොන්දු අනුව යමින් මිලිටරි බලය යොදාගැනීමට සුදානම් බව සඳහන් කර තිබේ.

සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් යොදමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම පිටුවහල් කිරීමේ මෙහෙයුම ස්ථිරම වශයෙන්ම සිදු වන බවයි.

ඇස්තමේන්තුගත මිලියන 11-13 දක්වා ලේඛනගත නොවූ සංක්‍රමණිකයන් එක්සත් ජනපදයේ ජීවත් වන අතර, සංක්‍රමණ සහ මානව හිමිකම් කණ්ඩායම් විශාල වශයෙන් පිටුවහල් කිරීමේ ප්‍රයත්නයක පිළිබඳව මානුෂීය බිඳවැටීම ගැන දිගු කලක් තිස්සේ අනතුරු අඟවා ඇත.

දැඩි සංක්‍රමණ ප්‍රතිපත්ති පිළිබඳ දිගුකාලීන උපදේශක ට්‍රම්ප්ගේ නව “දේශසීමා සාර්” ලෙස තේරී පත් වූ එක්සත් ජනපද ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) හි හිටපු ප්‍රධානියා වන ටොම් හෝමන් යටතේ මහා පරිමාණ වැටලීම් සහ රඳවා ගැනීම් සිදු කිරීම සඳහා මිලිටරියේ ශාඛාවක් වන එක්සත් ජනපද ජාතික ආරක්ෂක බළකාය යොදවනු ඇතැයි අපේක්ෂා කෙරේ,

කෙසේ නමුත්, එක්සත් ජනපදයේ නීති විශාරදයින් මේ සම්බන්ධයෙන් සඳහන් කර ඇත්තේ, සමූහ වශයෙන් පිටුවහල් කිරීම සඳහා ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශ කිරීමත්, ඒ වෙනුවෙන් හදිසි බලතල ක්‍රියාත්මක කළ හැක්කේ විශේෂිත අවස්ථාවන්හිදී පමණක්වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IOC සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි.

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඛනිජ තෙල් සංස්ථාවේ...

දුමිදුගේ ඇමෙරිකානු බැඩිමින්ටන් සැරිසැරීමේ තවත් පියවරක අවසාන හතරට

නිශ්මං රණසිංහ නොවැම්බර් 01,  කොළඹ LNW: XVI Mexican International 2025 තරගාවලියේ...

මැලේසියාවට එරෙහිව දෙපැත්තකින් ගොඩ යන තීරණයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 01,  කොළඹ LNW: මැලේසියා කාන්තා කණ්ඩායමට එරෙහිව තරග...

මිචෙල් අවසාන තරගයේ තීරකවරිය වීමේ ගෞරවය දිනා ගනියි

නිශ්මං රණසිංහ නොවැම්බර් 01,  කොළඹ LNW: රටක ක්‍රීඩාව දියුණුවට පත්වන්නේ ඒ...