Home පුවත් සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ෆයිසර් මුස්තාපාට දෙන්නයි පක්ෂ තුනක් ඉල්ලයි

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ෆයිසර් මුස්තාපාට දෙන්නයි පක්ෂ තුනක් ඉල්ලයි

මහ මැතිවරණයට සිලින්ඩරය ලකුණ යටතේ තරග කළ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා වෙත ලබාදෙන ලෙස එම පෙරමුණේ ප්‍රධාන පාර්ශවකාර පක්ෂ තුනක් ලිඛිතව ඉල්ලීම් කර තිබේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් එම ඉල්ලීම කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි ලේකම් දුමින්ද දිසානායක, නව සන්ධානය වෙනුවෙන් එහි නායක නිමල් ලන්සා සහ පොදුජන එක්සත් පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් ලසන්ත අලගියවන්නයි.