පාස්කු ප්‍රහාරය : පිල්ලෙයාන් අද CID යට

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද (නොවැම්බර් 20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිත්‍යානයේ Channel 4 නාලිකාව විකාශය කළ වාර්තාම වැඩසටහනේදී ඔහුගේ හිටපු ලේකම්වරයකු වූ අසාද් මවුලානා විසින් පවසා ඇති කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ය.

මේ සම්බන්ධයෙන් පසුගිය 12 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස පිල්ලෙයාන්ට දැනුම් දී තිබුණු නමුත් එදින ඔහු සිය නීතීඥවරයා මාර්ගයෙන් දැනුම් දී තිබුණේ නොවැම්බර් 18 – 25 අතර දිනයක තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...

පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි...