උසස් පෙළ ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අ.පො.ස. උසස් පෙළ විභාගය දැනට දින නියම කර ඇති පරිදිම නොවැම්බර් 25 වනදා සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙම විභාගය කල් දමන ලෙස විවිධ පාර්ශ්වයන් වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතින නමුත් විභාගයේ සියළුම පූර්ව සූදානම් කටයුතු අවසන් කර ඇති මෙම අවස්ථාවේ දී එය කල් දැමීමේ හැකියාවක් නොමැති බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.


2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2024.11.25 දින සිට 2024.12.20 දින දක්වා පැවැත්වීමට මේ වන විට දින නියම කර ඇත.

මෙම විභාගය කල් දමන ලෙස විවිධ පාර්ශ්වයන් වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතින අතර එම ඉල්ලීම් පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2024.11.25 දින සිට 2024.12.20 දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2024.03.01 දිනැතිව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කර තිබූ අතර විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ විභාග මධ්‍යස්ථාන පිහිටුවීම ඇතුළු විභාගයේ පූර්ව සූදානම් කටයුතු සියල්ල මේ වන විට අවසන් කර ඇත.

තවද, මෙම විභාගය පැවැත්වෙන දින වකවානු අනුව, ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2024 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය ද ඇතුළුව සෙසු විභාග රැසක් සඳහා දින තීරණය කර ඇති අතර මෙම විභාගය කල් දැමීමට කටයුතු කළහොත් එමගින් ඉදිරි විභාග වැඩසටහන ද නැවත වරක් සම්පූර්ණ වශයෙන්ම අක්‍රමවත් වනු ඇත.

ඉහත ප්‍රායෝගික තත්ත්වයන් මත, 2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ සියළුම පූර්ව සූදානම් කටයුතු අවසන් කර ඇති මෙම අවස්ථාවේ දී එම විභාගය කල් දැමීමේ හැකියාවක් නොමැති බව දැනුම් දෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...