රවී ඔහොම වැඩක් ජවිපෙ ඇතුලේ එහෙම කරා නම් ….

Date:

අපි හිතමු ඇත්තටම සිලින්ඩර් පක්ෂෙ පුර්ණ අයිතිය රවී කරුණානායක උන්නැහේට තිබිල අර කියන ගිවිසුමෙත් හරියටම තිබ්බ කියල රවිට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දෙන්න ඕනි කියල. එකම එකක් ආවත් ඒක රවිට යන්න ඕනි කියල තිබ්බ කියල හිතමු. ඒත් …

ඒත් … ඇත්තම දේශපාලනයේ ඉන්න කෙනෙක් හැට්යට තමන්ගේ දේශපාලන කඳවුරෙන්, අදහසෙන්, සහ පාර්ශවයෙන් මේ ආපු ඉතාම සීමිත අවස්ථාව දෙන්න ඕනි යන්න ඕනි සුදුසුම කෙනාට නේද? තමන්ට ගන්න තිබ්බ උනත් මේ වෙලාවේ ඒක කැපකරලා තමන්ගේ දේශපාලන කඳවුර දින්න දවසක තමනුත් ජයගන්නවා කියන අදහසින් නේද වැඩ කරන්න ඕනි? තමන්ට කිසිම දෙයක් දැන්වත් අනාගතේවත් නොලැබුණත් තමන්ගේ අදහස ජයග්‍රහණය කරන හෝ කරවන එක නේද ඇත්ත දේශපාලනය වෙන්න ඕනි ?

මෙන්න මේ වර්ගයේ කැපකිරීම් එක්ක නේද මාලිමාව කියන දේශපාලන වැඩේ මේ පොළොවේ ජයග්‍රහණය කළේ ?

අපි දන්නවා මන්ත්‍රීල වෙලා ඇමතිලා වෙලා නැති ඒ වගේම මේ රටේ කවුරුවත් නමක්වත් දන්නේ නැති සිය දහස් ගණනක් ජනතා විමුක්ති පෙරමුණේ වැඩේ ඇතුලේ ඉන්නවා. එයාල මන්ත්‍රීල නෙවෙයි දිස්ත්‍රික් කමිටුවකවත් නැහැ. පෝස්ටර්වල නැහැ. කටවුට්වල නැහැ. මොකකවත් නැහැ හැබැයි වැඩේ ඇතුලේ ඉන්නවා.

දැන් ඔය මන්ත්‍රී මැති ඇමතිලා වෙලා ඉන්නෙත් ඒ වගේම විශාල කැපකිරීම් කරපු අය. විශේෂයෙන් විශ්ව විද්‍යාලයක මහාචාර්ය කෙනෙක්ට හම්බ වෙන සෑහෙන ලොකු වැටුපක් සහ නිදහස් ජීවිතයක් කැපකරලා තමයි ඔය දේශපාලනය ඇතුලේ එහෙම කෙනෙක්ට යමක් ලැබිලා තියනවා නම් ලැබිල තියෙන්නේ.

ඒ නිසා සිලින්ඩර කට්ටියට වගේම තව ගොඩක් අයටත් මාලිමාවෙන් වගේම ජවිපෙනුත් ඉගෙනගන්න ගොඩක් දේ තියනවා.

රවී ඔහොම වැඩක් ජවිපෙ ඇතුලේ එහෙම කරා නම් බත් කන්න වෙන්නේ දත් නැතුව ….

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට දිට්වා බධාවක් නොවෙයි – ජනපති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: "අපිට මේ ව්‍යසනය මත බොහෝ දේවල්...

ලබන 22 වැනිදා දිවයිනට පැමිණෙන IMF නියෝජිතයෝ!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...

සමුගැනීමට පෙර ජනපති හමු වූ අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : මෙරට අමෙරිකා එක්සත්...

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...