හිටපු රජයේ ජන පීඩක IMF ගිවිසුමම වත්මන් රජය ක්‍රියාත්මක කරනවා යැයි පැවසීම ජනවරමට පිටුපෑමක් – සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වත්මන් රජය එදා මැතිවරණ වේදිකාවේ ඉදිරිපත් කළ යම් යම් කරුණු කාරණා සහ අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ කරුණු කාරණා අතර පරස්පරයක් ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීමේ දී, ද්විපාර්ශ්වීය ණය, ස්වෛරීත්ව බැඳුම්කර ණය ආදී ක්ෂේත්‍ර ගැන ඉදිරිපත් වූ කරුණු කාරණා ගැන යම් ආකාරයක තිගැස්මකට පත් වූ බවත් වේදිකාවේ අහන්නට ලැබුණේ පවතින IMF ගිවිසුම වෙනස් කර නව ගිවිසුමකට යාම වුවත් මේ වන විට රජය ඉන් බැහැර වී ඇති බවත් එය බරපතල කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 21) පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

හිටපු ජනපති පාරේ වත්මන් රජයත් යනවා පේනවා

රටේ ජනතාව ඓතිහාසික වාර්තාගත ජන වරමක් ලබා දීමත් සමඟ IMF ගිවිසුමේ ඇති පීඩාකාරි අසහනකාරි දේවල්වලට විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළත් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය අනුගමනය කළ ක්‍රියාදාමය වත්මන් රජය අනුගමනය කරන බවක් පෙනෙන්නට ඇති බවත් ජනතාව තුනෙන් දෙකක වරමක් ලබා දුන්නේ හිටපු ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ IMF ගිවිසුම ක්‍රියාත්මක කරන්නට නොවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ජනවරමට ගරු කර IMF ගිවිසුම වෙනස් කරන්න

සමගි ජන බලවේගය ද වේදිකාවේ පැවසුවේ IMF රාමුව තුළ සිට පවතින ගිවිසුම ජනතාවාදීව වෙනස් කරන බව වුවත් අද වන විට වත්මන් රජය පැරණි ආකාරයටම ඉදිරියට යන බව දක්නට ලැබුණු බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ දුප්පත්කම තුරන් කිරීම, ගර්භනී මව්වරුන් ළදරුවන් දරුවන් වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර මන්දපෝෂණය තුරන් කර දේශීය ආර්ථිකය ගොඩනැංවීමට, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට විවිධ අපනයන වෙළෙඳපොළ හා කටයුතු කිරීම යන කරුණු කාරණා තිබුණත් ඒවා ක්‍රියාවට නැංවිය යුතු බවත් කතාව ක්‍රියාවට නැංවීමට සහාය දෙන බවත් ය.

මැතිවරණ පොරොන්දු ඉටු කරන්න කාලය හරි

නමුත් පවතින IMF ගිවිසුම ක්‍රියාත්මක කිරිමට වත්මන් රජය බැඳී සිටිම ගැන පුදුම වන බවත් වැට් බදු හා බදු ව්‍යුහය මෙන්ම සමස්ත ආර්ථික ක්‍රියාදාම ක්‍රියාවලිය පැරණි ආකාරයට ක්‍රියාත්මක කිරිමට නම් ජන වරමක් ලබා නොදුන් බැවින් පොරොන්දු වූ වෙනස් කම් කරන ලෙස ඉල්ලා සිටින බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

හොඳ දේකට නම් අපිත් සහාය දෙනවා

රට වැටී ඇති දැවැන්ත අර්බුධකාරී තත්ත්වය තුළ සියලු දෙනා අත්වැල් බැඳ ගෙන රට ගොඩනගන වැඩපිළිවෙළට සහය දිය යුතු බවත් රටටත් ජනතාවටත් ධනාත්මකව සෙත සැලසෙන සෑම ක්‍රියාදාමයකටම උදව් කළ යුතු බවත් යම් අඩුපාඩුවක් වරදක් සිදුවන්නේ නම් එම වරද අඩුපාඩු පෙන්වා දෙනවා සේම එයට විරුද්ධව කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...