කැබිනට් පත්‍රිකා හදන්නේ අපි නෙවෙයි නිලධාරීන් – කෙහෙළියගේ ඖෂධ මගඩියට CID ආපු හරීන් කියපු දේ!

කොළඹ LNW:ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා මේ වන විට හිටපු ආණ්ඩුවේ අමාත්‍යවරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම ආරම්භ කර තිබේ.

ඒ අනුව අද (22) හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

එම අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාතවරයා පැවසුවේ සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකාවක් සකසන්නේ අමාත්‍යාංශ ලේකම් වන අතර අමාත්‍යවරයා විසින් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. පසුව මුදල අමාත්‍යාංශයේ නිර්දේශ මත ඊට අනුමැතිය හිමිවන බවයි ඔහු පැවසුවේ.

ඒ අනුව ඊට අමාත්‍යවරයා වගකිව යුතු යැයි තමන් විශ්වාස නොකරන බව ඔහු සඳහන් කළේය.

” කැබිනට් මණ්ඩලය දවසකට පත්‍රිකා 60ක් 70ක් දානවා. ඒ අමාත්‍යාංශවල ලේකම්වරු තමයි ඒවා හදල ඉදිරිපත් කරන්නේ. අමාත්‍යවරයා කැබිනට් එකට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මුදල් අමාත්‍යාංශයෙන් නිර්දේශ ගන්නවා. ඕක තමයි සාමාන්‍ය දේ. ලංකා ඉතිහසයේ කවදාවත් වෙලා නැති දෙයක් මේ. නමුත් අපි අධිකරණයට ගරු කරලා අපි දන්නා දේවල් ටික කියන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරන ලදී.

ප්‍රසන්න රණතුංග, වෛද්‍ය රමේෂ් පතිරණ සහ රොෂාන් රණසිංහ යන හිටපු ඇමතිවරුන් ද ඊයේ දිනයේදී ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දුන්හ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවෙක් වන අතර එවකට කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ඇමතිවරු 18කගන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි.

එම නඩුවට අදාළව අධිකරණය හමුවේ කරුණු දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය කියා සිටියේ ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් මිලදී ගැනීමට 2022 සැප්තැම්බර් 26 වනදා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාව යොමුකරන අවස්ථාවේ කැබිනට් මණ්ඩලයේ තවත් සාමාජිකයන් 18 දෙනෙකු සිට ඇති බවයි.

අදාළ කැබිනට් පත්‍රකාවේ අවශ්‍ය ඖෂධ මොනවාද යන්න හෝ සඳහන් නොවූ පසුබිමක සත්‍ය වශයෙන්ම ඖෂධ හිඟයක් පැවතියේද යන්න හෝ සොයාබැලීමකින් තොරව කැබිනට් මණ්ඩලය කැබිනට් පත්‍රකාවට අවසරය දුන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රකාශ සටහන් කළ යුතු බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළව කැබිනට් පත්‍රිකාවට අවසරදීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට හිටපු අමාත්‍යවරුන් දැනුවත් කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...