ට්‍රම්ප්ගේ දිගුකාලීන මිතුරිය Brooke Rollins ට්‍රම්ප් රජයේ කෘෂිකර්ම ලේකම් ධුරයට!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය රජයේ කෘෂිකර්ම ලේකම් ධුරය සඳහා බෘක් රෝලින්ස් නම් කර තිබෙනවා. මෙම පත්කිරීමත් සමග ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලය සම්පූර්ණ වන බව වාර්තා වේ.

කෘෂිකර්ම ලේකම්වරිය ලෙස පත්කළ බෘක් රෝලින්ස් ට්‍රම්ප්ගේ දිගුකාලීන මිතුරියක් ද වන අතර, මීළඟ කෘෂිකර්ම ලේකම්වරිය ලෙස රෝලින්ස් ඇමරිකානු ගොවීන් ආරක්ෂා කිරීම සඳහා නායකත්වය දෙනු ඇති බව ප්‍රකාශයක් නිකුත් කරමින් ට්‍රම්ප් කියා සිටී.

ඇමරිකා ෆස්ට් ප්‍රතිපත්ති ආයතනයේ සම නිර්මාතෘ හා සභාපති ලෙස බෘක් රෝලින් වසර ගණනාවක් සේවය කර ඇත. එමෙන්ම මීට පෙර පැවති පළමු ට්‍රම්ප් පරිපාලනය තුළ ධවල මන්දිර සහායිකාවක් හා ඇමරිකානු නවෝත්පාදන කාර්යාලයේ අධ්‍යක්ෂ මෙන්ම දේශීය ප්‍රතිපත්ති කවුන්සිලයේ වැඩබලන අධ්‍යක්ෂ ලෙස ද ඇය සේවය කර තිබෙන බව පවසේ.

ටෙක්සාස් ඒ ඇන්ඩ් එම් විශ්ව විද්‍යාලයෙන් කෘෂිකර්ම සංවර්ධනය පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ද හිමි ඇය පසුව නීතීඥවරියක් ලෙස කටයුතු කළ බව වඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...