2023 -2024 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් වාර්තා ගැන නිවේදනයක්!

0
3445

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ (LNW):

ලබන 30 වැනි දාට පෙර 2023 -2024 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් වාර්තා ලබාදෙන්නැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති අතර, තනි පුද්ගල සහ හවුල් ව්‍යාපාරිකයින්ට මාර්ගත ක්‍රමය ඔස්සේ එම වාර්තා ඉදිරිපත් කිරීමට මෙවර පළමු වරට අවස්ථාව දී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මාර්ගගත ක්‍රමයට එය නිසිආකාරයෙන් සිදු කිරීමට අපොහොසත් වන පුද්ගලයින්ට කාර්යාල වෙත පැමිණ එම කටයුතු සිදු කර ගත හැකි අතර, ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හා ප්‍රාදේශීය කාර්යාලවල විශේෂ කවුලු විවෘත කර ඇති අතර ඒ ඔස්සේ, බදු අංකය සහ විද්‍යුත් ලිපිනය ලබාගෙන අදාළ වාර්තා සම්පූර්ණ කළ හැකියි. ඊට අමතරව එම කවුලු හරහා හිඟ බදු ගෙවීමට ද අවස්ථාව පවති.දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ , එම කවුලු සෙනසුරාදා දිනවල ද විවෘතව තැබෙන බවයි.