බ්‍රිතාන්‍යයට දැඩි බලපෑම් එල්ල කළ Bert!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

බර්ට් කුණාටුවෙන් බ්‍රිතාන්‍යයට දැඩි බලපෑම් එල්ල වී ඇත.

අධික හිමපතනය හේතුවෙන් මහාමාර්ග හා දුම්රිය මාර්ග රැසක් ද වසා දමා ඇති අතර, බර්ට් කුණාටුව බ්‍රිතාන්‍යයට හමා ඒමෙන් පසු  ගංවතුර අනතුරු ඇඟවීම් 13 ක් රට පුරා ක්‍රියාත්මක කර ඇත,

අධික සුළං, වර්ෂාව හා හිමපතනය පිලිබඳ කහ අනතුරු ඇඟවීම් මෙලෙස නිකුත් කර තිබෙන අතර, ස්කොට්ලන්තයේ ප්‍රදේශ රැසක හා යෝක්ෂයර් හි සමහර ප්‍රදේශවල මෙන්ම එංගලන්තයේ ඊසානදිග ප්‍රදේශවලින් ද අධික හිම පතනයක් වාර්තා වී අත.

මෙම අධික හිම පතනය හේතුවෙන් නිව්කාසල් ගුවන් තොටුපලේ ගුවන් ගමන්වලට බාධා එල්ල වී තිබෙන අතර, එම ගුවන් යානා හීත්‍රෝ ගුවන්තොටුපොළ වෙත යොමු කිරීමට බ්‍රිටිෂ් එයාර්වේස් සමාගම කටයුතු කළ බව පැවසේ.

මේ අතර කුණාටුව හේතුවෙන් අයර්ලන්තයේ නිවාස, ව්‍යාපාර සහ ගොවිපල 60,000 කට පමණ විදුලිය විසන්ධි වී තිබෙන බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...