හසාරා හසිනි ලොව 72 වන යුගලය පරාජයට පත් කරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 25, (LNW) කොළඹ :

සැම්බියා ජාත්‍යන්තර බැඩිමින්යන් තරගාවලියේ අනු සූරියන් වූ ශ්‍රී ලංකාවේ හසාරා විජේරත්න සහ හසිනි අම්බලන්ගොඩ බොට්ස්වානා ජාත්‍යන්තර තරගාවලීයේදී සූරියන් වෙන්නට සමත් වුණා.එහිදී ඔවුන් අවසනු පූර්ව තරගයේදී සැම්බියා අවසාන තරගයේදී තමන් පරාජය වූ,ලොව අංක 129 ට ශ්‍රේණිගතය සිටින මාල දිවයිනේ අබ්දූල් රසාක් නිවුන් සොහොයුරියන්ව පරාජයට පත් කරමින් අවසාන තරගයට අවස්ථාව උදා කර ගත්තා.
අවසන් තරගයේදී හසාරාගේ සහ හසිනිගේ ප්‍රතිවාදීන් වූයේ රසාක් සොහොයුරියන්ටත් වඩා ලෝකයේ ශ්‍රේණිගත කිරීම්වල ඉදරියෙන් සිටින දකුණු අප්‍රිකාවේ ඇමී ඇකර්මන් සහ ඩේඩ්රේ ලෝරන්ස් යන යුගලයයි.මේ වසරේ මෙන්ම ගිය වසරේත්,විශේෂයෙන් ගිය වසරේ බොට්ස්වානා යුගල සූරතාවයත් දිනා සිටින මේ දෙදෙනා ජාත්‍යන්තර හ්‍රේණිගත කිරීම්වල සිටින්නේ 72 වන තැනයි.


අවුරුදු 19 සහ 29 වයසැති,අත්දැකීම් සහ ජවය මුසු දකුණු අප්‍රිකානු යුගලය පරාජය කිරීමට,එය කළ හැකි බවට වන හැකියාව වගේම දක්ෂතාවයට අත්‍යවශ්‍යය මානසික ශක්තිය සහ විශ්වාසය පෙරටු කරගනිමින් ක්‍රීඩා කිරීම මේ ජයග්‍රහණයේ පදනම ලෙස ගත හැකියි.ඒ නිසා මේ ජයග්‍රහණය වෙනුවෙන් හසිනි සහ හසාරා ගත කළ විනාඩි 35 ක කාලය තුළ ලකුණු 21-18 ක් ලෙස සහ 22-20 ලෙස වට 2-0 ක ජයග්‍රහණයක් අත් කර ගැනීම සෑම අතින්ම ලද පරිපූර්ණ ජයක් ලෙස හැදින්විය හැකියි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...