උතුරු කොරියාව හා රුසියාවේ වැඩෙන සබඳතා ගැන චීනය නොසන්සුන්

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රුසියාව සමඟ උතුරු කොරියාවේ වර්ධනය වන සමීප සම්බන්ධතාවය පිළිබඳව චීනය වඩ වඩාත් අපහසුතාවයට පත්ව ඇති බව එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් කර්ට් කැම්බල් ප්‍රකශ කර තිබේ.

යුක්රේනයට එරෙහිව රුසියාව වෙනුවෙන් සටන් කිරීමට උතුරු කොරියානු සෙබළුන් 10,000ක් යැවීමට උතුරු කොරියාවේ කිම් ජොන් උන් ගත් තීරණයට චීනය සහාය දක්වන බවට ජපාන විදේශ අමාත්‍යාංශය සැක පල කරන මුත්, දේශපාලනික විශ්ලේෂකයන් සඳහන් කරන්නනේ චීනය මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් බොහෝ දුරට නිශ්ශබ්දව සිටින බවයි.

මේ සම්බන්ධයෙන් නැගෙනහිර ආසියා සහ පැසිෆික් කලාපය සඳහා හිටපු CIA සහකාර අධ්‍යක්ෂ ඩෙනිස් වයිල්ඩර් සඳහන් කර තිබුණේ, මෙම විෂය සම්බන්ධයෙන් බීජිං හි ගුවන්විදුලි නිශ්ශබ්දතාවය පුදුම සහගත බවත්, ගිම්හානයේදී රුසියාව සහ උතුරු කොරියාව අතර ඇති කර ගත් උපායමාර්ගික ගිවිසුම ගැන හෝ හමුදා යැවීම ගැන චීන පුවත්පත් වල වචනයක් නොමැති බවත්ය.

එක්සත් ජනපද ඉන්දු පැසිෆික් විධානයේ අණදෙන නිලධාරී ඇඩ්ම් සැමුවෙල් පපාරෝ, හැලිෆැක්ස් ආරක්ෂක සංසදයේදී මෙම කරුණ සම්බන්ධයෙන් ප්‍රකශ කර තිබුණේ, රුසියාව, චීනය සහ උතුරු කොරියාව අතර සම්බන්ධතාවය නිශ්චිත ගනුදෙනු සහජීවනයක් ඇති බවත්, උතුරු කොරියාව රුසියාවට කාලතුවක්කු සහ මිසයිල අවශ්‍යතා සපුරාලමින් සිටින අතර ඒ වෙනුවට රුසියාව මිසයිල සහ සබ්මැරීන් තාක්‍ෂණය උතුරු කොරියාවට ලබා දෙනු ඇති බවත්, චීනය රුසියාවට එහි අර්ධ සන්නායකවලින් 90% ක් සහ යන්ත්‍ර මෙවලම්වලින් 70% ක් ලබා දී ඇති බවත්, එහි අපේක්ෂාව යුද යන්ත්‍රය යළි ගොඩනැගීම සඳහා වන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...