ජනතා අභිලාෂ ඉටු කිරිම වෙනුවෙන් පාර්ලිමේන්තුව මෙහෙයවන්න සූදානම්!

Date:

කොළඹ LNW:ජනතා අභිලාෂයන් ඉටු කිරීම සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ එකඟත්වයෙන් පාර්ලිමේන්තුව තුළ නීතියානුකූල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව නව කථානායක ආචාර්ය අශෝක රන්වල මහතා පැවසීය.

ජනතා පරමාර්ථ ඉටු කිරිමට සියලුම මහජන නියෝජිතයන් බැදී සිටින බැවින් නව රජයේ ප්‍රධාන අපේක්ෂාව වන්නේ මහජනයාට සේවය කිරිම යැයි ද ඒ මහතා තව දුරටත් සඳහන් කළේය.

කථානායකධූරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව ආචාර්ය අශෝක රන්වල මහතා ඊයේ (24) පස්වරුවේ මහනුවරට පැමිණ මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ථාර්ථ සුමංගල හිමියන් බැහැ දුටුවේය.

මහා නායක හිමියන් සමඟ නව රජයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සුහද සාකච්ඡාවක නිරතවීමෙන් අනතුරුව ඒ මහතා අස්ගිරි මහ විහාරට පැමිණ එහිදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් සමඟ ද සාකච්ඡාවක නිරතවිය.

මහා නායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ කථානායකවරයා, මෙරට මහජන අභිලාෂය ඉටු කිරීම සඳහා ජීවිතය පිළිබදව පවා නොතකා කටයුතු කරන බවත් ඒ සඳහා මහා සංඝරත්නය ඇතුලු සෙසු ආගමික නියෝජිතයන්ගේ අවවාද අනුශාසනා අපේක්ෂා කරන බවත් කීවේය.

තනතුරු තාන්න මාන්න පිළිබදව සැලකිල්ලට ලක් කිරීම වෙනුවට මහජන අවශ්‍යතාව ඉටු කිරීම වත්මන් රජයේ ප්‍රධාන අපේක්ෂාවක් යැයි ද කථානායකවරයා කීය.

පක්ෂ විපක්ෂ වශයෙන් පත්වූ මෙම මහජන නියෝජතයන් බලයට පත් කරන ලද ඡන්ද දායකයන්ගේ අපේක්ෂාව වන්නේ ලස්සන පාර්ලිමේන්තුවක් හා අවසන් වශයෙන් ලස්සන රටක් නිර්මාණය කිරීම යැයි ද කථානායක ආචාර්ය අශෝක රන්වල මහතා තවදුරටත් සඳහන් කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...