සමඟියට තීරණාත්මක සතියක්!

Date:

කොළඹ LNW:සමඟි ජන බලවේගයට තීරණාත්මක සතියක් උද වී තිබේ. පසුගිය මහ මැතිවරණයෙන් ඔවුන්ට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පහෙන් හතරක් වෙත තවමත් පත් කිරීමක් කර නොමැති අතර මේ සතියේදී එම පත්කිරීම අවසන් කළ යුතු බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අතර සාකච්ජාවක් සිදුව ඇති බවට වාර්තා විය.

මහ මැතිවරණයෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොලැබීම නිසා ඔවුන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගණනද 05කට සීමා විය. සමඟි අපේක්ෂා කළ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 08ක් හෝ 09ක් ලැබුණේ නම් එම පත්කිරීම් සිදුකිරීමේ ගැටළුවක් මතු නොවන බවටයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ.

පවතින තත්ත්වය අනුව සමඟි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයින් ඇතුළු මහ මැතිවරණයේදී අතිශය වෙහෙස වූ කිහිප දෙනෙක් සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට සිදුව ඇති හෙයින් එම මන්ත්‍රී ආසන හතර පත්කිරීම සිලින්ඩර ප්‍රශ්නයට එහා ගිය ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවටයි කියවුණේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හෙවත් සිලින්ඩරයේ ගැටුම තරමට සමඟියේ මෙකී අභ්‍යන්තර ගැටුම සමාජයට නිරාවරණය නොවුණත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ප්‍රශ්නය නිසා සමඟියේ සමඟියට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන බව සඳහන්.

ප්‍රමාණවත් මන්ත්‍රී ආසන නොමැති වීම මත මහ මැතිවරණයේදී සහය දැක්වූ සෙසු පක්ෂ හා කණ්ඩායම් වෙත පොරොන්දු වී ඇති පරිදි පාර්ලිමේන්තුවේ ආසන ලබා දීමේ යුතුකම ඉටු කිරීමද දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බවද වාර්තා විය.

මෙය කළමනාකරණය කරගැනීමට නොහැකි වුවහොත් එය සමඟියේ නායකත්වයට එරෙහි බලවේග හිස එසවීමක් වුවද විය හැකි බවද තවදුරටත් වාර්තා විය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...