සටහන – රුවන් නෙළුගොල්ල
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තවත් අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරියන් දෙදෙනෙකු පත්කර තිබේ.
ඒ අනුව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවිය පත් කර ඇත.
ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස පත්කර ඇත්තේ මලර්මතී ගංගාධරන් මහත්මියයි.