නායකත්වය විතරක් නෙවෙයි දැන් සමඟියේ ප්‍රතිපත්තිත් ප්‍රශ්නයක් – තිස්ස

Date:

කොළඹ LNW: සමඟි ජන බලවේගයේ නායකත්වයේ පමණක් නොව ප්‍රතිපත්ති පිළිබඳවත් ප්‍රශ්න පවතින බව එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

ඒ අනුව පක්ෂය තුළ පූර්ණ ප්‍රතිසන්ධනයක් අවශ්‍ය බවයි අත්තනායක මහතා සඳහන් කරන්නේ.

”නායකත්වයේ පමණක් නෙවෙයි අපේ වැඩපිළිවෙල පිළිබඳවත් ප්‍රතිපත්තිය පිළිබඳවත් ප්‍රශ්න තිබෙනවා. සමහර අය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. විවිධ විවේචන දෝෂාරෝපණ ඒත් එක්කම නොයෙක් අදහස් උදහස් ඉදිරිපත්වෙලා තිබෙනවා. ඒ නිසා පූර්ණ ප්‍රතිසංවිධානයක් කියන එකින් අදහස් කරන්නේ මේ සියල්ල පිළිබඳ සලකා බැලිය යුතුයි කියන කාරණාව. ඉතින් ඒක නිසා අපි ජනාධිපතිවරණ,පාර්ලිමේන්තු මැතිවරණ කීපයක් පරාජයට පත්වුණා. ඒත් එක්කම මෑත කාලයේ සමඟි ජන බලවේගය හැටියට අපි පාර්ලිමේන්තු මැතිවරණ දෙකකට මුහුණ දුන්නා. එතකොට ඒ මැතිවරණ දෙකක් පරාජයට පත්වෙලා තිබෙනවා. ඒ නිසා අපි ඉදිරියේම සලකා බැලිය යුතු කාරණා ගොඩක් තිබෙනවා ” යනුවෙන් ඔහු තවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය නිශ්පාදන කර්මාන්ත ශක්තිමත් කිරීම හා ප්‍රවර්ධනය කිරීම ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : දේශීය නිශ්පාදන කර්මාන්ත...

2025 වසරේ අපනයන ආදායම පිළිබඳ සෑහීමකට පත්වේද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : මෙම වසරේ අපනයන...

දිළිඳුකම තුරන් කිරීමට සමෘද්ධියෙන් අලුත් වැඩක් – සංචාරක කර්මාන්තයටත් අත්වැලක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තය හරහා ග්‍රාමීය ප්‍රජාව ආර්ථික වශයෙන් සවිබල...

අර්ජුනාට වරෙන්තු!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට වරෙන්තු නිතුත් කර...