රෂිකා හෙන්නායක නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
දහස් ගණනක ජනතාවක්, ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ක්‍රියාත්මක වීමත් සමග දකුණු ලෙබනනය වෙත ආපසු පැමිණෙමින් සිටින අතර, ඊශ්‍රායලය හා හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමය ක්‍රියාත්මක වන්නේ මාස 13ක ගැටුම් අවසන් කිරීමේ පියවරක් ලෙස බව වාර්තා වේ.
දහස් සංඛ්‍යාත ලෙබනන සිවිල් වැසියන් සිය නිවෙස් කරා ආපසු පැමිණීමට පටන් ගෙන තිබෙන අතර, ඊශ්‍රායලය අනතුරු අඟවන්නේ ඇතැම් ප්‍රදේශවලට ආපසු යාම තවමත් ආරක්ෂිත නොවන බවයි.
බීරූට් සිට ප්‍රධාන මහාමාර්ගයේ රථවාහන තදබදයක් ඇති අතර බොහෝ පිරිස් සිය පවුල් ද සමග පැමිණෙන අයුරු දැකගත හැකි අතර, සටන් විරාම ගිවිසුමේ කොටසක් ලෙස ලෙබනන හමුදාවේ 5,000 ක භට පිරිසක් තවදුරටත් දකුණු ලෙබනනයේ රැඳී සිටිනු ඇති බවට වාර්තා වේ.