*
Friday, November 29, 2024
spot_img

Latest Posts

‘ආණ්ඩුකරුට කියන්න’ දෙවෙනිදා සිට විසිහතර පැයේම ක්‍රියාත්මකයි!

කොළඹ LNW:බස්නාහිර පළාත් සභාවේ සේවා මට්ටම වැඩිදියුණු කිරීමේ හා මහජනයාට වැඩ සමීපසේවාවක් ලබාදීමේ අරමුණින් එළඹෙන 02 වැනිදා සිට ‘ආණ්ඩුකරුට කියන්න’ යන ක්ෂණික ප්‍රතිචාර විශේෂ මැදිරිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් මහතාගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මක වන අතර බස්නාහිර පළාත් සභාව හා ඒ යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්ට අදාළ මහජන දුක්ගැනවිලි, ප්‍රතිපත්තිමය කරුණු පිලිබද වූ අදහස් හා යෝජනා එමගින් ආවරණය කරනු ලබයි.

යම්කිසි අක්‍රමිකතාවක් ගැන තොරතුරු ලබාදීමත්,ඒ පිළිබඳව ආණ්ඩුකාරවරයා දැනුවත් කර, අවශ්‍යතාවය මත ආණ්ඩුකාර කාර්‍යාලය හරහා නිසි පියවර සදහා අදාළ අංශ වෙත යොමුකිරීමද මේ හරහා කඩිනමින්ඒ සිදුකිරීමට නියමිතයි.

ආපදා අවස්ථාවන්හි මෙන්ම ඉහත සදහන් කල කරුණුවලට අදාළව වසරේ දින 365 පුරාවටම ඔනෑම අවස්ථාවකදී පැය 24 පුරා ක්‍රියාත්මක වන මෙම ‘ආණ්ඩුකරුට කියන්න( TELL THE GOVERNOR HOTLINE ) අංක හරහා මහජනයාට වඩා සමීප සේවාවක් ලබා දීමට බස්නාහිර පළාත් සභාව අවධානය යොමුකර තිබේ.

ඒ අනුව පහත සඳහන් සබඳතා හරහා මහජනතාවට එම සේවාව ලබා ගත හැකියි.

Tel. 011-2092720 / 011-2092721
Fax.011-2092705
Email – [email protected]

මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා පවසන්නේ පළාතේ සියළු රාජ්‍ය ආයතන සහ සේවාවන් පුරවැසියනිට සමීපව, කාර්යක්ෂමව හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමටත්, යම්කිසි අංශයක් තවත් වැඩිදියුණු කල යුතු නම් ආණ්ඩුකාරවරයා හැටියට ඒ සදහා අවශ්‍ය මැදිහත්වීම කිරීමටත් මේ තුළින් හැකිවන බවයි.

ජනතාවට අවශ්‍ය ඕනෑම වේලාවක ඇමතිය හැකි, විශ්වාසනීය හා වෘත්තීය ලෙසින් සපයනු ලබන මෙම සේවාව, ඉදිරි වසරේදී තවත් පුළුල් කර ත්‍රෛභාෂාවෙන් මෙන්ම වට්සැප් මගින් සහ අන්තර්ජාලය මගින් ද සම්බන්ධවීමේ අවස්ථාව සැලසීමට යෝජිතයි.

මෙම වැඩසටහන සම්බන්ධීකරණය සදහා ආණ්ඩුකාර මහජන සබදතා නිලධාරී අරුණ ප්‍රදීප් කුමාර මහතා පත්කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan