ඇලෙප්පෝ නගරයේ පාලනය සිරියා කැරලිකරුවන් අතට!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

වසර 8කට පසු ඇලෙප්පෝ නගරයේ පාලනය සිරියා කැරලිකරුවන් තමන් සතු කර ගෙන තිබෙන බව වාර්තා වේ.

සිරියා කැරලිකාර හමුදා රටේ දෙවන විශාලතම නගරය වන ඇලෙප්පෝ හි ප්‍රදේශ ගණනාවක පාලනය තමන් සතු කරගෙන ඇති බව, බ්‍රිතාන්‍යය පදනම් කරගත් මානව හිමිකම් සඳහා වන සිරියානු නිරීක්ෂණ කණ්ඩායම පවසයි. වසර ගණනාවකට පසු සිරියානු රජයට එරෙහි විශාලතම ප්‍රහාරය ද මෙය වේ.

2016 දී හමුදාව විසින් බලහත්කාරයෙන් නෙරපා හැරීමෙන් පසු ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ හමුදාවන්ට එරෙහිව සටන් කරන කැරලිකරුවන් ඇලෙප්පෝ වෙත ළඟා වූ පළමු අවස්ථාව ද මෙයයි.කෙසේ වෙතත් තමන් ඇලෙප්පෝ හා ඉඩ්ලිබ් පළාත්වල නගර ගණනාවක බලය ලබා ගත් බව රජයේ හමුදා පවසයි.

2011 දී සිරියාවේ පැවැති විරෝධතා මර්දනය කිරීමෙන් පසු ඇතිවූ සිවිල් යුද්ධයෙන් මිලියන පහකට වැඩි පිරිසක් මිය ගිය බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...