ඇලෙප්පෝ නගරයේ පාලනය සිරියා කැරලිකරුවන් අතට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

වසර 8කට පසු ඇලෙප්පෝ නගරයේ පාලනය සිරියා කැරලිකරුවන් තමන් සතු කර ගෙන තිබෙන බව වාර්තා වේ.

සිරියා කැරලිකාර හමුදා රටේ දෙවන විශාලතම නගරය වන ඇලෙප්පෝ හි ප්‍රදේශ ගණනාවක පාලනය තමන් සතු කරගෙන ඇති බව, බ්‍රිතාන්‍යය පදනම් කරගත් මානව හිමිකම් සඳහා වන සිරියානු නිරීක්ෂණ කණ්ඩායම පවසයි. වසර ගණනාවකට පසු සිරියානු රජයට එරෙහි විශාලතම ප්‍රහාරය ද මෙය වේ.

2016 දී හමුදාව විසින් බලහත්කාරයෙන් නෙරපා හැරීමෙන් පසු ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ හමුදාවන්ට එරෙහිව සටන් කරන කැරලිකරුවන් ඇලෙප්පෝ වෙත ළඟා වූ පළමු අවස්ථාව ද මෙයයි.කෙසේ වෙතත් තමන් ඇලෙප්පෝ හා ඉඩ්ලිබ් පළාත්වල නගර ගණනාවක බලය ලබා ගත් බව රජයේ හමුදා පවසයි.

2011 දී සිරියාවේ පැවැති විරෝධතා මර්දනය කිරීමෙන් පසු ඇතිවූ සිවිල් යුද්ධයෙන් මිලියන පහකට වැඩි පිරිසක් මිය ගිය බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“කාවන්තිස්ස” ඔබත් ගිහින්……

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : වෙඩි වැදීමකින් තුවාල...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කඳවුරු බදින්න හැදු භික්ෂුන් වහන්සේලා විහාර මහා දේවි උද්‍යානයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස...

කැරපොත්තන්ගේ ජනතාවාදී පක්ෂ රැලියට පෙර නවදිල්ලියේ පොලිස් ආරක්ෂාව දැඩි කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 16 : ඉන්දියාවේ තරුණ...

රෝද හතරෙන් අහසටත්! මස්ක්ගේ නවතම ටෙස්ලා මෝටර් රථය ලෝකයම මවිත කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 16, LNW (කොළඹ): විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට පමණක් සීමා...