ප්‍රධාන නගර ඇතුළු ප්‍රදේශ 12ක වායු ගුණ තත්වයට සෞඛ්‍යයට අහිතකරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දිවයිනේ ප්‍රධාන නගර ඇතුළු ප්‍රදේශ 12ක වායු ගුණ තත්වය ඒකක 101 ඉක්මවා යමින් සුළු වශයෙන් සෞඛ්‍යයට අහිතකර මට්ටමට ඊයේ (නොවැම්බර් 30) රාත්‍රිය වනවිට පැමිණ තිබුණු බව වාර්තා වේ.

මෙම තත්වය උද්ගතව ඇත්තේ රත්නපුර, කිලිනොච්චිය, ගම්පහ, ත්‍රිකුණාමලය, අම්බලන්ගොඩ, දඹුල්ල, ගාල්ල, මීගමුව, පුත්තලම, මහියංගනය , කුරුණෑගල හා කලාවැව යන ප්‍රදේශවල බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

කොළඹ නගරයේ වායු ගුණ තත්ත්වයේ අගය 108ත් – 116ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් තිබුණු අතර කළුතර නගරයේ වායු ගුණ තත්ත්වය අගය 98ත් 104 අතර පැවතුණි. මහනුවර වායු ගුණ තත්ත්වය 106ත් – 114ත් මට්ටමේත් , අනුරාධපුර නගරයේ වායු ගුණ තත්ත්වය 100ත් – 118ත් අතර පැවති අතර යාපනය නගරයේ වායු ගුණ තත්ත්වයේ අගයත් 120ට ආසන්න වී තිබුණු බව බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසීය.

පවතින තත්වය හමුවේ සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවුවහොත් ඔවුන් වෛද්‍ය උපදෙස් කරා යොමුවිය යුතු බවයි සෞඛ්‍ය අංශ දැනුම් දී ඇත්තේ.

වායු ගුණ තත්ත්ව දර්ශකය හෙවත් SL AQI හි අගය 0 – 50 අතර යනු යහපත් මට්ටම වන අතර, එය 51 -100 අතර මධ්‍යස්ථ මට්ටමක් වේ.

එම අගය 101ත් – 150ත් අතර සුළු වශයෙන් අහිතකර යැයි සැලකෙන අතර එම අගය 151 – 200 දක්වා අහිතකර මට්ටමක් ලෙසින් සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

පොහොර සහනාධාරය QR ක්‍රමයට!

කොළඹ LNW:ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමේදී ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ...

අල්ලස් චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තවදුරටත් රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ්...

ජාතික ක්‍රීඩා චෙස් පිරිමි සූරතාවය වයඹට කාන්තා සූරතාවය බස්නාහිරට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ගාල්ල නගර...