පීතර යුගලය ශ්‍රී ලංකා 17 න් පහළ කණ්ඩායම ඉහළට ඔසවති

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 02,(LNW) කොළඹ :

ශ්‍රී ලංකාවේ සංචාරය කරන අවුරුදු 17 න් පහළ බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පැවත්වෙන පළමු තුන් දින තරගයේ පළමු දිනය නිමාවේදී, පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 245 ක් ලබා ගන්නට සමත් වී සිටිනවා.මෙම ඉණිම වෙනුවෙන් ඉහළම දායකත්වය ලබා දුන් කොළම ශාන්ත පීතර විද්‍යාලයේ ජේසන් ප්‍රනාන්දුට හිමි විය යුතුවම තිබුණු ශතකය ලකුණු දෙකකින් අහිමි වුණා.


කඩුලු 4 ක් ලකුණු 90 ට දැවි ගොස් තිබෙන මොහොතේ පරිණත ක්‍රීඩා විලාසයක් පෙන්වමින් ජේසන් සමඟ එක් වූ ශාන්ත පීතරයේම ජොසුවා සෙබස්තියන් (53) පස්වන කඩුල්ලට ලකුණු 102 ක සබඳතාවයක් පවත්වන්නට සමත් වෙනවා.බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී මහීම් ඉස්මාම් චෞද්‍රි සහ අස්වාමුල් හක් මහීම් පිළිවෙලින් ලකුණු 51 ට සහ 25 ට කඩුලු 2 බැඟින් දවා ගෙන සිටියා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...

බිලියන 6.3ක ක්‍රිප්ටෝ මුදල් කොල්ලයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ලොව...

අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහනට ජනාධිපති උපදේශක සභාවක් පත්කරේ!

කොළඹ LNW:අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී...

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට FAO සහයෝගය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...