“කිසිම ප්‍රශ්නයක් නැහැ, අර්ච්චුනාගේ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා – සජබ පා.ම.සුජිත්

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ (LNW):

ඊයේ (03) පාර්ලිමේන්තුව රැසවූ අවස්තාවේදී, යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතාට විපක්ෂ නායක කාර්යාලය තුළදී පහර දුන් බවට පැවසුවද, ඔහු කළ එම චෝදනා ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පවසයි.

මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු පැවසූවේ,

“කිසිම ප්‍රශ්නයක් නැහැ. අර්ච්චුනා කියන නවක මන්ත්‍රිවරයා ප්‍රකාශයක් කරලා තිබුණා මම එතුමාට පහර දුන්නා කියලා. කිසිම අවස්ථාවක මම එතුමාට පහරදීමට කටයුතු කළේ නැහැ. නමුත් යම් සිද්ධියක් ඇති වුණා විපක්ෂ නායක කාර්යාලයේදී. එතුමා විපක්ෂ නායක කාර්යාලයට ඇවිල්ලා විපක්ෂ නායක ලේකම්වරයා එක්ක බහින්බස් වීමක් සිදුවෙනවා දැක්කා. ඒ අවස්ථාවේ මාත් අලවතුවල මන්ත්‍රීවරයාත් වාඩිවෙලා හිටියේ එහා පැත්තේ පුටුවේ. අලවතුවල මන්ත්‍රීවරයා එතනදී කතා කරලා කිව්වා, මේක පක්ෂ නායකයින් එක්ක හරි කථානායක එක්ක හරි කතා කරලා විසඳගන්න කටයුතු කරන්න කියලා. නමුත් ඒක එතුමා පිළිගත්තේ නැහැ. එතනදි එතුමා කිව්වා ඔබතුමා එක්ක නෙමෙයි මම කතාකරන්න ආවේ කියලා. එතනදී මම කිව්වා අපි දන්න දේ තමයි ඔබතුමාට කියලා දුන්නේ ඒ අනුව කටයුතු කරන්න නැතුව මේ විපක්ෂ නායක තුමාටවත්, විපක්ෂයේ ඉන්න කාර්යා මණ්ඩලයටවත්  බැන වදිමින් මේ කටයුත්ත කරන එක සාධාරණ නෑ කියලා. එතනදි එතුමා කිව්වා ඔබතුමන්ලාත් මේක අදාළ නෑ කියලා. එතැනදි බහින්බස්වීමක් ඇති වුණා.” ලෙස සුජිත් මහතා කියා සිටියේය.

   

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...