මෙන්ඩිස් සමාගමට සීල් තියයි !

සටහන – රුවන් නෙළුගොල්ල

W.M. මෙන්ඩිස් සහ සමාගමේ වැලිසර, නාගොඩ පිහිටි මත්පැන් නිෂ්පාදනාගාරයට ඊයේ (දෙසැම්බර් 05) මුද්‍රා තබනු ලැබිණි.

එම සමාගම හිඟ සුරාබදු සහ ඊට අදාළ 3%ක අධිභාරය වශයෙන් රුපියල් බිලියන 5.7ක මුදලක් ගෙවීම පැහැර හැරීම මත එහි මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ඊයේ දිනයේ සිට අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබුණු අතර එම නියෝගය අනුව සුරාබදු දෙපාර්තමේන්තුවේ ජාඇළ සහ ගම්පහ සුරාබදු අධිකාරීවරුන් හා නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙසේ අදාළ නිෂ්පාදනාගාරයට මුද්‍රා තබන ලදී.

පැය හයකට වැඩි කාලයක් එහි කළ නිරීක්ෂණ කටයුතුවලින් අනතුරුව නිෂ්පාදනාගාරයට මුද්‍රා තැබුණු අතර ඉහත කී සුරාබදු අධිකාරීවරුන් සඳහන් කළේ W.M. මෙන්ඩිස් සහ සමාගමේ සියලුම නිෂ්පාදන සහ බෙදාහැරීම් කටයුතු සිදුකළ නොහැකි බවයි.

මෙන්ඩිස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් රුපියල් බිලියන 3.5 ක වැට් බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මාස හයක සිර දඬුවමක් නියමව මේ වනවිට බන්ධනාගාරගතව සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...

පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: පවතින වැසි සහිත කාලගුණ...

නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල ගණන් වෙනස් නොවේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ...

වසර තුනක කඳුළු බලාපොරොත්තුවට නිමාවක්!

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ):වසර තුනක් පුරා හදවතේ සඟවාගෙන...