සුගත්ගේ පළමු නිල ඡායාරූපයට පෙනී සිට දකුණු අප්‍රිකාවේදී ජයගත් සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඡායාරූප

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 06,(LNW) කොළඹ :

දකුණු අප්‍රිකාවේ ඩර්බින් හී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය කරාටේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ පස්වන තැනට පැමිණීම ගැනත් රන් පදක්කම් තුනක්,රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් නවයක් දිනා ගැනීම ගැනත් බොහෝ පුවත් මාධ්‍යවලින් වාර්තා වුව ද,ඒ සියලු දෙනාම රටට හඳුන්වා දීම සිඳු වූයේ අඩුවෙන්ය.සමහර මාධ්‍ය ජාලවල ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඟවා තමන්ගේම පාසල් ද සමහර ජයග්‍රාහකයන් පමණක් මතු කර පෙන්වන බව ද ඒ අතර වාර්තා වන අයුරු දැක ගන්නට ලැබිණ.


ලංකාවේ කරාටේ සංගම්වල කීර්තිය ගැන ගැටළු විශාල ප්‍රමාණයක් ඇත.එහෙත් එය ක්‍රීඩාවක් හැටියට ප්‍රගුණ කරන සහ ඊට ආදරේ කරන පිරිසක් ද රටේ හිඟ නැත.විශේෂයෙන් මේ මොහොත ඒ ආදරවන්තයන්ට ආශිර්වාදයක් ලැබුණ මොහොතකි.බොහෝ දුෂ්කරතා මැද,සමහර විට මුහුණට මුහුණ හමුවන්නට ඇති බාධක ද දරාගෙන මේ කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක් වූ දස්කම් ද සුළු කොට සිතිය නොහැක.


එසේම මේ ගැටවර යෞවනයන් සමඟ ඔට්ටු වෙන්නට භාරකාරත්වය පැවරුණු කණ්ඩායම් කළමණාකරු කීර්ති කුමාර,සහය කළමණාකරු ආර්.ග්‍රේෂමන්,කණ්ඩායම් පුහුණුකරු දේශධි කුරේ සහ කාන්තා කණ්ඩායම් නිලධාරිණි ආර්.කේ.ඕ. ඉන්ද්‍රා ද මේ ජයග්‍රහණ පිටුපස වගකීම් දැරූ බව පිළිගත යුතුය.


ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත පළමු මොහොතේම ඔහු පෙනී සිටි පළමු නිල ඡායාරූපය වූයේ මේ කණ්ඩායමේ විදේශ සංචාරය වෙනුවෙන් ගන්නා ලද ඡායාරූපයය.ඉනික්බිති කණ්ඩායම කරාටේ ඉතිහාසය වෙනස් කරන සළු ජයක් සහිතව ලංකාවට පැමිණ ඇත.නියෝජ්‍ය ඇමති සුගත්ට,ඔහුගේ එම ඡායාරූපයනම් වටිනා එකක් ලෙස මතක තිබෙනු ඇත.එහෙත් කරාටේ ඉතිහාසයේ වැරදි වලට ද මේ ජයග්‍රහණය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එල්ල කළ ආකාරයේම පන්චි සහ කික් අවශ්‍යයව තිබෙන බවද අපි දනිමු.කරාටේ ක්‍රීඩකයා පරල වූ අයුරෙන් පහර දෙන්නෙක් නොවේය.

හොඳින් අධ්‍යයනය කර ජයග්‍රහණය වෙනුවෙන් නිවැරදි පාර තෝරා ගන්නා අයෙක්ය.සුගත් ද කාලයක් අධ්‍යයනය කර කරාටේ ක්‍රීඩාව ජයග්‍රහණය කරවන්නට වැරදි පරාජය කරන්නට හරියටම කික් කළොත්,කරාටේ ද ඉදිරි දවසක දැනට වඩා හොඳ ජයග්‍රහණ රටට අත් කර දෙනු ඇත.
පහතින් සඳහන් කරන්නේ රන් පදක්කම්ලාභීන්ගේ නම් පෙළය.මේ සමඟ සියලු පදක්කම්ලාභින්ගේ ඡායාරූප ඔවුන් දිනු පදක්කම් ද සමඟ සටහන් වනු ඇත.

රන් පදක්කම්
කාතා කණ්ඩායම පිරිමි කණිෂ්ඨ
පී.ආර්.දේවගේ
පී.ජී.එස්.එස්.ගුණවර්ධන
එස්.කේ.වෙලගෙදර
කිග්‍රෑම් 70 කැඩෙට් පිරිමි කුමිතේ
යූ.පී.ඒ.ඒ.කේ.පී.කරුණානායක
කිග්‍රෑම් 48 කණිෂ්ඨ කාන්තා කුමිතේ
එස්.එම්.එන්.කලනි

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...