*
Saturday, December 14, 2024
spot_img

Latest Posts

“Black & White” “e කොළම”

අශෝක ජයතුංග

දෙසැම්බර් 07, වොෂින්ටන් LNW :

🍎සභානායක හා පිරිස ජනපති අනුර හා ලේකම් ටිල්වින්ගේ හැසිරීම් ආදර්ශයට නොගත්තොත්…..?

🍎සභානායක කුණු ජොනී හා බිමල්…..?

🍎ජනපතිගෙන් මාධ්‍ය වලට මධ්‍යම ප්‍රතිපදාවෙන් සුපිරි බණක්….?

🍎කුණුහරුප වපුරා සමාජය කන ඇතැම් ටයර් ටියුබ්කාරයින්ට බණක් අවැසි නැද්ද….?

🍎 ලංකාව නම් දරුවා රෙදි නැතිව හෝ පාළමෙන් ගොඩ දැමීමට දැගලීම…….?

🍎පැරදුන එකාට ගහන එක හා රථගාය සනීප කිරීම සිස්ටම් චෙන්ජ් තමයි…..!

🍎පළමු කැරැල්ල මාළිමාවේ කොයි ඇමතිට එරෙහිවද…..?

🍎අතුරු ගිනුමේ රනිල් වැයකල මුදලම වැය කිරීමේ යෝජනාව අවුලක් ද……?

🍎මාළිමාවට ලිබරල් තොප්පියක් පැළැන්දූ පස්ස දොරේ මන්ත්‍රී…..?

🍎”නිල්කමීස” ඇදගත් දැලිපිහිකාරයා…….?

🍎උතුරේ ජාතිවාදීන්ට ඉඩදී දකුණේ ජාතිවාදීන් මර්දනය කිරීම…..?

🍎පාසල් කැන්ටින් හැර අන් හැමෝටම බෙදූ බාර් පර්මිට් ලැයිස්තු අහෝසි කරනවාද..?

🍎බාර් පර්මිට් ගැන රනිල් සති අන්තයේ කට අරී…….?

🍎බේබදු පෝළිමකුත් හැදුනොත් කියවෙන උන්ගේ කුණු කතා….?

රෙදි නැතිව හෝ වැල්පාළමෙන් එගොඩ කරන්නට දඟලන්නේ ලෙඩවූ ලංකාව නම් දරුවාය.රාජපක්ෂ හා රනිල් යුගවල රටේ මුදල් ඔවුන්ගේ සුඛ විහරණයට වැනසුවා යයි චෝදනා කළ නව පාළකයින් එවැනිම මුදලක් වෙන්කරගෙන තිබේ. වෙන්කල ද ඉන් ඉතිරි කරන යමක් වේ නම් රට හමුවේ තැබීම ඔවුන්ගේ හැකියාව හා අවංකකම පෙන්නීමක් වනු නියතය.”වෙන්කළ මුදලම වැයවෙන්නෙ නෑ. ඉතිරි කරපුවා පෙන්නනවා.හදිසියක් ගැන සිතා උපරිමයක් වෙන් කිරීම අවශ්‍යයි” ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ඇමති නලින්ද යථාර්තය පැහැදිලි කළේය.පස්ස දොරෙන් රිංගූ රවි ආණ්ඩුවට සුදුහුණු පාරක් දමමින් කතා කළ බව සමහරු කීව ද ළපටි වයසේ පාළකයන් මරාගෙන කන්නට උත්සාහ නොකිරීමට රවි ගේ අත්දැකීම් ඔහු පෙළඔුවා යයි සිතිය හැකිය.”වමට සිග්නල් දාල දකුණට හැරවූ ගමන ඒ විදියටම යන්න.වෙන විකල්ප නෑ. ටික කලකට වහ වෙන දේවල් පසුකළෙක රහ වෙනවා” රවි මාළිමාවට ලිබරල් තොප්පියක් පැළැන්දුවාදැයි දන්නේ නැත.

අනුර හා මාළිමාවට ලොකුවට චැලෙන්න්ජ් කිරීමට විපක්ෂයට පණ කඳ නැතත් වැස්ස ගංවතුර යම් කකුල් මාට්ටු දැමූව ද දැන් ඒවා සමනයවී තිබේ.අයවැය වෙනුවට 2025 මුල් මාස 04 ට රු බිලි 2600 ක අතුරු සම්මත ගිණුමක් ඇමති සුනිල් ජයන්ත ගෙනාවේය. කබීර් ඊට වැටෙන්නට ගහමින් රනිල් ගිය වසරේ වැයකළ මුදලම නාස්තිය දූෂණය නැති මේ රජයටත් අවශ්‍ය වුණේ ඇයිදැයි ඇසුවේය. “රනිල් එළවලා රනිල් ගෙනැල්ලා” හා “රනිල් රෙදි ඇදගෙන වැල් පාළමේ ගිය ද මොවුන් රෙදි නැතුවම යනවා” යි කොචොක් ද දැම්මේය.

ජනපති පසුගියදා මාධ්‍ය ප්‍රධානීන්ට මධ්‍යම ප්‍රතිපදාවෙන් මාධ්‍ය භාවිතාවට අදාළ සුපිරි බණක් කීවේය. වැදි බණක් දෙසා හෝ හිතෙන හිතෙන කුණුහරුප කියමින් පෞද්ගලිකව අපහාස කරමින් සමාජය නසන ටයර්ටියුබ්කාරයින්ට ජනමාධ්‍ය වලටත් වඩා අවධානය යොමුකිරීම ද ජනපතිගේ දැවැන්ත වගකීමකි.ගුරු වෘත්තියේ පිහිටවන ලෙස උද්ගෝෂණය කළ පිරිසට පොලීසිය සැලකුවේ පරණ ක්‍රමයටමය. කදුළුගෑස් හා ජල පුහාර නොදී මුදලක් ඉතිරි කිරීම හැර වෙනසක් නොතිබිණ. එහෙත් උද්ගෝෂණයන් මැද දැලිපිහි පහරවල් දුන් බවට සැකකර අල්ලාදුන් “නිල් කමීසකාරයා” පොලීසියේ ආරක්ෂාව මැද ගෙනයාම හා ඔහුට නීතිය ක්‍රියාත්මක වූ අයුරු අපැහැදිලිවීම ගැටලුකාරීය. එදා එජාප පොහොට්ටු යුගවල උද්ගෝෂණ මැදට පාතාලය හෝ නිළ නොවන මැරයන් එවීම මෙදාත් සිදුවූවා නම් එය ඛේදවාචකයකි. යල් පැන ගිය අතේ මාට්ටු ගොංපාට් වෙනුවට නිර්මාණාත්මකව කටයුතු කිරීමට හැකියාව නැති බවට මඩ ප්‍රහාර එල්ලවීම ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යට හිතකර නැත. තවද ජවිපෙ උද්ගෝෂණ නොකළොත් කරන්න වෙන කෙනෙක් නෑ යයි තිබූ මතය ද එම උද්ගෝෂණයෙන් වැළලී යාම තුළ එනපොට හොද නැති බව තේරුම් ගැනීම වැදගත්ය.

තවද උද්ගෝෂණ හා වර්ජන වලින් රටට කෙළවුණා මිසක ලැබුණු දෙයක් නැති බව ද ඒකාන්තය.උතුරේ මහවිරු සතිය හරිහැටි කළමනාකරණය කරගත්තාට වඩා නෑවායයි ආණ්ඩුවට ඇගිල්ල දිගුවීම ගැන ඔවුන් නැවත සිතා බැලීම වටී. උතුරේදී ලැබූ මැතිවරණ ජයත් සමග එම ජනතාවට සිය හැගීම් එළිදැක්වීමට ඉඩදීම වරදක් නොවේ. එහෙත් නයි නටවන විට පරිස්සමින් සිදු නොකළොත් එය අතිශය අනතුරුදායක බව මෙහිදීද පැහැදිලි විය.තවද කොටි හිතවාදීන්ගේ ජාතිවාදී හැසිරීම් සිදුවුවහොත් දකුණේ ජාතිවාදීන් ද එය අනිවාර්යෙන් වාසියට යොදාගන්නා බව තේරුම් නොගෙන කටයුතු කිරීම සුබවාදී වන්නේ නැත.

සමාජ මාධ්‍ය හරහා දකුණේ ජාතිවාදීන් හා පටු දේශපාලන අරමුණු මත ක්‍රියාකල අය ත්‍රස්ත පනත යටතේ කොටු කිරීමට කල උත්සාහය කොළඹ උසාවියේදී සමබරතාවට ආවද බද්දේගම දී අයෙකු ඇතුලට දැමීම සමාජ කතිකාවකට බදුන්ව තිබේ.රනිල් දේශපාලන අරමුණු මත ලබාදුන් මත්පැන් බලපත්‍ර ලැයිස්තුව එළියට දැමීම ඉතා හොදය. එහෙත් ඒ පසුපස සිටින දේශපාලකයන්ගේ නම් ලොකුවට එළියට නොඒම හා එම බලපත්‍ර අහෝසි කරනවාදැයි නිෂ්චිතව ප්‍රකාශ නොවීම ද ගැටලුකාරීය.”බාර් දීලා නැත්තේ පාසල් කැන්ටින් වලට විතරයි” සමහරු කීවේ සරදමටය. රනිල් පර්මිට් ගැන ප්‍රකාශයක් කිරීමට සූදානම් බව ද පැවසේ. කෝටි 570 ක බදු පොලු තැබූ බැදුම්කර හොරු ලෙස ද චෝදනා එල්ල වන අයට සම්බුව දීම වැදගත්ය. සෙසු බදු හොරු කීප දෙනෙක් බදු ගෙවීම ඇරඔීම ද රට පැත්තෙන් සුබවාදීය.

අනුර කළ වෙනස සිදු නොවන්නට එම මුදල් භාණ්ඩාගාරයට එන්නේ නැත.සභානායක පරිනත අයෙකු වුවත් ඔහුගේ ඇතැම් හැසිරීම හරහා පාර්ලිමේන්තුව පැරණි කුණු ගොඩටම තල්ලුවීමේ අවධානමක් ගැන මත පළවේ. විපක්ෂයේ මත හෝ ප්‍රහාර වලට ප්‍රතිතර්ක ගොඩනගනවා විනා ඔහු තවත් ගොංපාට් කුණු ජොනියෙකු වියයුතු නැත. ජනපතිගේ පරිනත හැසිරීම් ටිල්වින් මෙන්ම අත්දැකීම් අවම අගමැතිනියගේ භාවිතාවෙන් මාළිමාවේ මෙන්ම විපක්ෂයේ සමහරුන්ටත් ගතහැකි ආදර්ශ බොහෝය.”රජකාලෙත් පැරදුන එකාට ගැහුවා. අනුර සහෝදරයා ඒක විතරක් නෙවෙයි මැතිඇමතිලාගෙ රථගායත් වෙනස් කලා. සිස්ටම් චේන්ජ් එක අපි පටන් ගත්තා” ඇමති ලාල්කාන්ත ප්‍රබල අදහසක් කියාපෑවේය. එහෙත් වගා වනසන සතුන් ගැන කී දේ පත්තුවී තිබේ.

තවද හාල් පොල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම යම් තරමකට අඩාලය. රටට තිත්ත බන්ධුල ගුණවර්දනගේ පැලැස්තර වලට එහා ගිය විසදුම් සෙවීම ජනතා අපේක්ෂාව වේ. හාල් පොල් හිගය හා සමග ආණ්ඩුවට අධිකව බදු ගෙවන බේබද්දන් ගේ පෝළිමක් ඇති නොකිරීම අත්‍යවශ්‍යය. මන්ද බාගෙට බීලා උන් මයික් ඇල්ලූවිට මොන කටකැඩිච්ච කතා කියාවිදැයි දන්නේ නැත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan