ගෝවා හි NATPOLREX VIII සඳහා SLGC සුරක්ෂා නෞකාව සහභාගී වේ

Date:

ජාතික මට්ටමේ දූෂණ ප්‍රතිචාරය සඳහා සූදානම් වෙමින් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය 2022 අප්‍රේල් 19-21 දක්වා ගෝවා හි දි NATPOLREX VIII අභ්‍යාසය පවත්වනු ලබයි. කලාපයේ වෙනත් රටවල නෞකාවන් සහ පාර්ශවකරුවන් රැසක් මෙම අභ්‍යාසයට සහභාගී වේ.

2.        සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් වන ඒකාබද්ධ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමේ අරමුණින්  බහුපාර්ශවික ප්‍රයත්නයන් හරහා කලාපීය එකමුතුබව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ සුරක්ෂා නෞකාව මෙම දූෂණ ප්‍රතිචාර අභ්‍යාසය සඳහා සහභාගී වේ.

3.        ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරයට විශාල තර්ජනයක් එක් කළ MT නිව් ඩයමන්ඩ් සහ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හා සම්බන්ධ සිදුවීම් පිළිබඳව සැලකීමේදී SLGC  සුරක්ෂා නෞකාව මෙම අභ්‍යාසය සඳහා සහභාගී වීම ඉතා වැදගත් කොට සැලකිය හැකිය. ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා සහ වෙරළරාක්ෂක බලකායන් විසින් කඩිනමින් සිදු කරන ලද ඒකාබද්ධ ප්‍රයත්නයන් හේතුවෙන් මෙම විශාල ව්‍යසනයන් වළක්වා ගැනීමට හැකි විය.

4.        2021 වසරේදී කොවිඩ්-19 එන්නත්, ද්‍රව වෛද්‍ය ඔක්සිජන් සහ නැනෝ නයිට්‍රජන් පොහොර සැපයීම යනාදිය ඇතුළත්ව ඉන්දියාව අවස්ථා රැසකදී ශ්‍රී ලංකාවට “පළමු ප්‍රතිචාරකයා” වශයෙන් සහයෝගය ලබා දී ඇත. එසේම, කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය (SAGAR) යන දැක්ම ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු මිත්‍ර රටවල් සමඟ වටිනා අත්දැකීම් බෙදා හදා ගනිමින්  ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ අන්තර්-ආයතන සම්බන්ධීකරණය සහ සූදානම තවත් ඉහළ නැංවීම සඳහා ඉන්දියාව NATPOLREX වැනි ධාරිතා සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් සක්‍රීයව කටයුතු කරයි.

***

කොළඹ

2022 අප්‍රේල් 19

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...