ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනයට ඇමරිකාවේ සහය!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනයට අවශ්‍යය තාක්ෂණික හා අනෙකුත් සහයන් ලබාදීමට ඇමරිකානු රජය කැමැත්තෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ. චංග් මහත්මිය පැවසුවාය.

ඒ, අද (09) තානාපතිනිය බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවූ අවස්ථාවේදීය.

ඉහළම ජනප්‍රසාදයකින් බලවත් ජනවරමක් ලබා ඇති නව රජය ලාංකීය ජනතා අභිලාශයන් ඉටුකරනු ඇතැයි දැඩි ලෙස අපේක්ෂා කරන බවත් ඒ සදහා ඇමරිකානු රජයේ සහය ලැබෙනු ඇති බවත් ඇමරිකානු තානාපතිවරිය එහිදී කියාසිටියාය.

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා නව රජයේ බලශක්ති ප්‍රතිපත්තිය හා බලශක්තිය පිළිබද දැක්ම විස්තර කළ අතර විශේෂයෙන්ම පුනර්ජනනීය විදුලිබල ක්ෂේත්‍රය සදහා ඇමරිකානු රජයේ සහය අපේක්ෂා කරන බවත් සුවිශේෂි මිතුරු රටක් ලෙස ඇමරිකානු මිත්‍රත්වය සහ සහය ඉහළින්ම අගය කරන බවත් ප්‍රකාශ කර සිටියේය.

මෙම හමුව කොළඹ බලශක්ති අමාත්‍යංශයේදී සිදුවුණි.

මෙම අවස්ථාවට ඇමරිකානු තානාපතිනියට අමතරව USAID ආර්ථික සංවර්ධන කාර්යාලයේ ව්‍යාපෘති සංවර්ධන විශේෂඥ රොසෑන් කෘෘස් මොරායස් (Rozanne Croos Moraes) (USAID Project Development Specialist (Energy) – Office of Economic Growth) මහත්මියද බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය K.T.M. උදයංග හේමපාල, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති D.A. රාජකරුණා, ඛනිජ තෙල් සංස්ථාවේ කළමාණාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ යන මහත්වරුන් සමඟ විදුලි හා විදුලිබල ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු පුබුදු නිරෝෂන් මහතාද එක්විය.

ආශිකා බ්‍රාහ්මණ

ශ්‍

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුදුමාකාර විදිහට දුක්වුණා….

දඹානට ගිය ගමනෙදීආදි වාසීන් දැකලාආදි මදි යැයි කියානන්දනී වරුසවිතාන...

හිටපු අගමැතිනි හසීනා බලයෙන් පහ කිරීමෙන් පසු බංග්ලාදේශයේ පළමු ජාතික මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වම අතේ තැලීම් සලකුණ ලෝකය පුරා වෛරල් වේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

මෙණ්ඩිස් වෙල්ලාලගේට වීරත්වය පුද කළ ශ්‍රී ලංකාවේ කණ්ඩායම් ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: කාසියේ වාසියත් සමඟ පළමුව...