වාහන විකුණන්න කලබල වෙන්න එපා..

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ (LNW):

වාහන මිල දී ගැනීම හෝ ඒවා විකිණීම සම්බන්ධයෙන් කලබල වීමට අවශ්‍ය නොමැති බවත්, වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු පාර්ශවයක් මේ වන තෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසයි.

සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා

“මේක දැන් ගෙන්වීම අත්‍යාවශ්‍ය වෙලා තියෙන්නේ. මොකද අපි දැන් වාහනයක් නැතුව අවුරුදු 4ක් – 5ක් අපේ කේෂ්ත්‍රය කඩා වැටීමට ලක්වෙලා තියෙනවා.

අපෙත් පැතුම මොනවා හරි වාහනයක් ගේන්න. අපිත් ප්‍රාර්ථනා කරනවා මේ අවුරුද්දේ බස්, ලොරි ගෙන්නලා ඊට පස්සේ දෙවන තුන්වන අදියර යටතේ ඉතුරු වාහනත් ගෙන්න ගන්න ඉක්මට හැකියාව ලැබෙන්න කියලා.

දැනට කිසිම වාහනයක් ගේන්න රජයේ කිසිම තීරණයක් නෑ. නව රජයෙන් තීරණය වෙනස් වෙයිද කියලා අපිට කියන්න බෑ. කිසිම කෙනෙක් කලබල වෙන්න එපා තමන් ළඟ තියෙන වාහනය විකුණන්න.

තාම රජයේ කිසිම කෙනෙක් ප්‍රකාශයට පත්කරලා නෑ කවද්ද වාහන ගෙන්වන්නේ කියලා. අපි රජයෙන් ඉල්ලීමක් කරනවා මේ ගැන ප්‍රකාශයක් නිකුත් කරන්න කියලා.

මොකද මිනිස්සු කලබල වෙලා ඉන්නේ. රජය ප්‍රකාශයට පත්කරන කල් තමන් ළඟ තියෙන වාහනය අඩුවට කාටවත් විකුණන්න ඕනේ නෑ.” ලෙස පැහැදිලි කළේය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාසා හි Curiosity Rover මවන අඟහරුගේ විශ්මයජනක දර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නාසා හි...

රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තයේ බලය ලබාගැනීමට පෙර කළ යුතු දේ ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් ආරක්ෂා...

අගමැතිට එරෙහි සජබ ප්‍රහාරය දැඩි කරයි. මහජන අත්සන් ගැනීමත් අද අරඹයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පාදක කරගනිමින් අධ්‍යාපන අමාත්‍ය...

සුගතදාසයට අපහාසයක් වන සුගතදාසයේ වැඩ සුගත්ගේ අණින් වෙනස් වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: //දැනටමත් ධාවන පථය තුළ...