*
Wednesday, February 5, 2025
spot_img

Latest Posts

ගැසට්ටුවට වඩා වැඩි මිලට සහල් අලෙවි කිරීම තහනම්.වැඩි මිලට සහල් අලෙවිකරනවා නම් දැනුම් දෙන්න!

කොළඹ LNW:සහල් මිල සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනයට පරිබාහිරව වැඩි මිලට අලෙවිකරන තැනැත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන හෙයින් එවැනි තත්ත්වයන් පවතින්නේ නම් ප්‍රාදේශීය වශයෙන්ම පැමිණිලි කිරීමේ හැකියාව පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසයි.

ආනයනික සහල් ඉදිරි දින වලදී වෙළෙඳපොළට නිකුත්වන හෙයින් සහල් හිඟයකින් තොරව පවත්වාගෙන යාමේ හැකියාව ලැබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

”ජනාධිපති, වෙළෙඳ ඇමති හාල් මෝල් හිමියන් අතර පැවතී සාකච්ඡවෙන් පසුව සහල් මිල පිළිබද ගැසට් පත්‍රයක් නිකුත් කළා. නව සහල් මිල ප්‍රකශයට පත් කර තිබියදී වෙළෙඳ පොලේ වැඩි මිලට සහල් අලෙවි කරනවා නම් නීතිය ක්‍රියාත්මක කරනවා. අසාධාරණ ලෙස අලෙවි කරනවා නම් පැමිණිලි කරන්න පුළුවන්. ඒ සදහා ප්‍රාදේශීය වශයෙන් පැමිණිලි කිරීමේ හැකියාවක් තිබෙනවා. පරිභෝගික පනත අනුව නීතිය ක්‍රියාත්මක වන බැවින් උත්සව සමයේ නියමිත මිලට විකිණීමට කටයුතු කරන්න. ආනයනික සහල් ඉදිරී දින කිහිපයේ වෙළද පොලට පැමිණෙනවා. හිගයකින් තොරව අපිට සහල් ලබා දීමේ හැකියාවක් තියෙනවා. හාල් මෝල් ව්‍යාපාරිකයින්ගේ උපදෙස් අනුව විවිධ පුද්ගලයන් සහල් තොග රැස් කරන බවට තොරතුරු ලැබෙනවා. එසේ තොග රැස් කරන්නන් සදහා නීතිය ක්‍රියාත්මක වෙනවා.” යනුවෙන් සභාපතිවරයා තවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan